කෙසේ වෙතත් නීතිය හා සාමය ඇමතිධූරය සරත් ෆොන්සේකා මහතාට ලබාදීම ව්‍යවර්ථ කිරීම සඳහා ආරම්භ කර ඇති මෙයෙහුම් තවදුරටත් ඉතා ප්‍රබලව සිදුවන බවයි වාර්තා වන්නේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් බහුතරයක් මේ සඳහා සම්බන්ධව සිටින අතර ඔවුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත සෘජුවම ප්‍රකාශ කර ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට පැවරීමට දැඩිලෙස විරුද්ධ බවයි. මෙම නිළධාරීන් බහුතරයක් පැවති රාජපක්ෂ පාලන සමයේදී ඉහළ තනතුරුවලට පත්වූවන් වන අතර ඒ නිසාම රාජපක්ෂවරුන්ට අවශ්‍ය පරිදි පොලිස් දෙපාර්තමේන්තුව පාලනය කළ නිළධාරීන් වේ.
මෙම නිළධාරීන් එකළ සෘජුවම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විධානයන් පරිදි කටයුතු කළ අතර ඔහුගේ අනීතික කටයුතුවලට උපරිම සහයෝගය දැක්වූවන්ය. එදා රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් සිදුකළ ඝාතන, පහරදීම්, පැහැරගෙන යාම් ආදිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු නොවී ඒ සඳහා වගකිවයුත්තන් තවමත් සමාජයේ නිදැල්ලේ සැරිසරන්නේ ද මෙම ඉහළ පොලිස් නිළධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා නොදී රාජපක්ෂලා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙනි.
යම් හෙයකින් රාජපක්ෂලාට සහ ඔවුනගේ හෙංචයියන්ට එරෙහිව පරීක්ෂණ සිදු කළහොත් මෙම පොලිස් නිළධාරීන්ටද නීතියේ රැහැනින් ගැලවී යා නොහැකි බව ඔවුන් හොඳින්ම දනී. ඔවුන් දැඩි ෆොන්සේකා විරෝධයක් ඉස්මතු කරන්නේද එහෙයිනි. ෆොන්සේකා මහතා නීතිය හා සාමය අමාත්‍යධූරයට පත්ව කිසිදු බලපෑමකින් තොරව කටයුතු කළහොත් තමන්ගේ සියලු අකටයුතකම් හෙලිදරව් වී තමනට වැඩ වරදින බව මෙම ඉහළ පොලිස් නිළධාරීන් පිරිස හොඳින්ම දනී. ඒ නිසා එය වැලැක්වීම වෙනුවෙන් එම පිරිස ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම්ව සිටින අතර ෆොන්සේකා මහතාගේ පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ දැඩි විරෝධයක් පළකරන්නේ එහි එක් පියවරක් ලෙසයි.
පොලිසියේ සහ ආරක්ෂක අංශවල වගකීම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීම මිස ඇමතිවරුන්ගේ හෝ රාජ්‍ය නිළධාරීන්ගේ පත්කිරීම් සම්බන්ධයෙන් සොයාබැලීම නොවේ. ඒ නිසා නීතිය හා සාමය අමාත්‍යංශය පැවරෙන්නේ කාටද යන්න පොලිස් නිළධාරීන් ප්‍රශ්නයක් කරගත යුතු නැත. ඔවුන් කළයුත්තේ ඇමතිවරයා කවරෙකු වුවත් ජනතාව වෙනුවෙන් තම රාජකාරි හරිහැටි ඉටු කිරීමයි.
මෙම පුද්ගලයන් පැවති රජයේ බලවතුන්ගේ විවිධ අකටයුතුකම්වලට සහයෝගය ලබාදී නීතියෙන් බේරීම සඳහා විවිධ කුමන්ත්‍රණ සිදුකරමින් සිටී. ජනාධිපතිවරයා ද එම කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණවලට හසු වී ඔවුන්ට අවශ්‍ය පරිදි ඇමතිවරුන් පත් කරන්නේ නම් එය නකුට විසින් බල්ලා වැනීම වැන්නකි. මෙතෙක් කල් සිදුවූයේද පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය හා සාමය අමාත්‍යංශයට අයත් ආයතන ඔවුන්ට හිතෙන හිතෙන පරිදි කටයුතු කරමින් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීමයි. වැරදිකරුවන්, මහා පරිමාණ දූෂිතයන්ට, ඝාතන-පැහැර ගැනීම් ආදියට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක පසුගිය මැතිවරණයේදී ජනාධිපතිවරයා හොඳින්ම අත්දුටු නිසා දැන් හෝ කුමන්ත්‍රණකරුවන්ට හසු නොවී නිවැරදි හා එඩිතර තීන්දු ගත යුතුය.
රටම බලා සිටින්නේ නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට ලැබෙන තුරුය. එහෙත් ජනාධිපතිවරයා කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය පරිදි කටයුතු කරමින් තවදුරටත් හොරුන්, දූෂිතයන්, වංචනිකයන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරන්නේ නම්, ඔහුට ඉදිරියේදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇත.
0 comments :
Post a Comment