විභාග පීඩනේ දරන්න අමාරුයි කියා වෛද්‍ය සිසුවෙකු ගෙළ වැළලාගෙන


 යාපනය සරසවියේ වෛද්‍ය සිසුවෙකුගේ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී හමුව තිබෙයි.
 ඊයේ (27දා) සවස යාපනය කන්දර්මඩම ප්‍රදේශයේ තිබියදී මෙම සිරුර හමු වූ බව යාපනය පොලීසිය කියා සිටියේය.


මෙසේ මියගොස් ඇත්තේ වෛද්‍ය පීඨයේ සිවුවන වසරේ ඉගෙනුම ලැබූ එමානුවේල් රාමුවේල් නැමති 26 හැවිරිදි සිසුවෙකි. ඔහු යාපනය පලාලි මාර්ගයේ කන්දර්මඩම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන ඇති අතර, ඊයේ දින සිසුවා සරසවියට නොපැමිණීම හේතුවෙන් මිතුරන් විසින් සොයා බැලීමේදී අදාළ සිසුවාගේ මළ සිරුර හමු වී ඒ බව යාපනය පොලීසියට දැනුම් දී තිබේ.

අදාළ වෛද්‍ය සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටත්, අවසන් විභාග පීඩනය හේතුවෙන් මෙසේ දිවි තොර කරගන්නට ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදුකරන යාපනය පොලීසිය සැක පළ කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment