ඇමති දයාසිරි අමාත්‍යංශයේ බඩු පැක් කරයි : චතුරට මළ පැනලා [Gossip]


තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අටයුතු කරනවා නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉතා දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ බව සඳහන් කරමින් දයාසිරි අමාත්‍යවරයා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය පෞද්ගලික බඩු භාණ්ඩ රැසක් නිවසට ගෙනගොස් ඇති බවත් එසේම තම ඉල්ලා අස්වීමේ සූදානම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ වන ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුව දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ පිළිබඳ අමාත්‍යවරයා වෙතින් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිටීමට තීරණය කර ඇත්නම් එය ජනවරමට පිටුපෑමක් බව තම ස්ථාවරය වන බවයි. එසේම ආණ්ඩු පාර්ශවයේ සිටින සිය පක්ෂයේ අනෙක් සහෝදර මැති ආමතිවරු රැසක්ද එම තීන්දුවේ සිටින බවත්ය.

විපක්ෂ නායකකම නිමල් සිරිපාලට

එසේම ඉදිරියේදී එවැනි තත්ත්වයක් මතුවුවහොත් තම පාර්ශවය නියෝජනය කරනා මැති ඇමතිවරුන් 42ක පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන බවත් ඒ තුළ නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂනායකයා ලෙස පත්කර ගැනීමටද තමන් අතර එකඟතාවක් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

පෞද්ගලික අමනාපයක් නෑ

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ හෝ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු පෞද්ගලික තරහක් නොමැති බවත් නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හරහා යහපාලන සම්මුති ආණ්ඩුවට ජනතාව එවා ඇති පණිවිඩය තේරුම් නොගන්න තරම් බොළඳ විය නොහැකි බැවින් මෙම තීන්දුව ගන්නා බවය.

තවද ආණ්ඩුවේ රැඩිකල් වෙනසක් නොකර මේ ආකාරයටම පවතාගෙන යාම තුළ අත්වන විනාශකාරී දේශපාලන ඉරණම ගැන තමන්ට නිවැරදි කියවීමක් ඇති බවත් දැන දැන ඒ පාප කර්මයට අතගසන්න නොහැකි බැවින් මෙම තීන්දුව තමන් වෙනස් නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

රතන හිමියන් සමඟත් කතාකරනවා

එසේම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ තමන් මේ වන විට අතුරලියේ රතන හිමියන් ඇතුළු පාර්ශව ගණනාවක් සමඟ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

"උයා මොකටද එහේ ගියේ" චතුරට මළ පැනලා

ඊයේ (12) රාත්‍රියේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රැකගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවත්වා ඇති අතර, මේ අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර සමඟ රාජිත සේනාරත්න සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද එක්ව සිට ඇත.

පවතින දේශපාලන වාතාවරණය හමුවේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් වන වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනුලැබූ එම සාකච්ඡාව අවසානයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිවසට ගොස් ඇති අතර එහිදී චතුර සේනාරත්න මන්ත්‍රීවරයා, "උයා මොකටද තාත්තේ ඕවට යන්නෙ, දන්නෙ නැද්ද එයාට විරුද්ධව දැන් ලොකු රැල්ලක් යනවා. කවුද දැන් එයාව රකින්න කින්නේ.කවුරුත් නෑ. අපි ඕවට පැටලෙන්න ඕන නෑ නේ. උන්න ආයි නම් යන්න එපා. ඇති ඔය" කියලා තියෙන්නේ ටිකක් කේන්තියෙන් වගේ.


කොහොම වුනත් චතුර මන්ත්‍රී පුතාගේ මේ කතාව රාජිත අමාත්‍යවරයා බොහොම සිනාමුසු මුහුණින් "දැන් රෑ වෙලා, ඔයා ගිහින් නිදාගන්න. හෙට උදේ කතා කරමු" පිළිතුරු දුන් බවයි  දැනගන්න ලැබුණේ.

(newstube.lk)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment