ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් දිවුරුම් දීම වෙනුවෙන් පැවති උත්සවය අමතමිනි.
පක්ෂයේ විවිධ පුද්ගලයන් විවිධ තැන්වලදී සිදුකරන ප්‍රකාශවලින් පක්ෂයේ මතය නියෝජනය නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ පක්ෂයේ මතය පක්ෂ මධ්‍යම කාරක සභාව හරහා එළියට පැමිණිය යුතු බවයි. කෙසේ වෙතත් විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට තවත් සීමිත දින ගණනක් ඉතිරිව තිබියදී ශ්රීලනිපය තවමත් විශ්වාසභංග යෝජනාවේදී ගන්නා පියවර සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹ නොමැත.
පැවති පාලනයට එරෙහිව ජනාධිපතිවරයා සහ තවත් ශ්‍රීලනිප සාමාජිකයන් පිරිසක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බවත් එය අමතක කළ නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කරයි. එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිප ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබා දුන් 17 ලක්ෂයක ජනතාව අමතක කළ නොහැකි බවත් ඔහු පවසයි.
0 comments :
Post a Comment