මෙවර මැයි 1 වනදා නිවාඩු නෑ - ඒ වෙනුවට මැයි 7 කම්කරු දිනය තියන්න නිවාඩු

මැයි පළමු වැනිදාට යෙදි ඇති ලෝක කම්කරු දින සැමරුම් උත්සවය මැයි හත්වැනිදා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවසීය. ඒ අනුව මැයි 7 වැනිදා නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ.

වෙසක් සතිය

සැමරීමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා මේ පියවර ගත් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති ධුරයෙන් පිදුම් ලැබු ගන්තුනේ අස්සජි නාහිමියන්ට සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි.
මෙම උත්සවය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරි මහතා මෙසේද පැවසීය.
මෙවර වෙසක් පෝය හා මැයි දිනය යෙදී තිබන් ආසන්න දින කීපයක් තුළයි. වෙසක් පෝය කියන්නේ අපේ රටේ බෞද්ධ ජනතාවට විශේෂ දිනයක්. එය සතියක් පුරා උත්සවාකාරයෙන් සමරනවා. කමිකරු දිනය කියන්නේ අපේ මහා නා හිමිවරුන්ද පෙන්වා දෙන පරිදි සටන් පාඨ කියමින් උද්ඝෝෂන ආකාරණයන් පවත්වන වෙනම දිනයක්. එය වෙසක් සතිය තුළ පැවැත්වීම සුදුසු නැති බවට ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ලිපියක් අප වෙත යොමු කර තිබුණා. ඒ අනුව අපි අද කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා ලෝක කමිකරු දින සමරුම මැයි හත් වැනිදාට සිදු කළ හැකි වන පරිදි එදින නිවාඩු දිනයක් කිරිමට. එයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණා. මෙවැනි අවස්ථාවක් 1967 හෝ 1968 දීත් සිදු වුණා. මට ඒ අත්දැකීම තවමත් මතකයි යැයි ද ජනාධිපතිවරයා කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment