මහනුවර ජාතිවාදී ගැටුමට මුල්වූ ප්‍රධාන සැකකරු අමිත් ජීවන් දෙවැනියා සුරේද ඇතුළු 10 ක් අත්අඩංගුවට


මහනුවර ජාතිවාදී ගැටුමට මුල්වූ
ප්‍රධාන සැකකරු අමිත් ජීවන් දෙවැනියා සුරේද ඇතුළු
10 ක් අත්අඩංගුවට


මහනුවර අන්තරායකාරී පරිසරයක් නිර්මාණය කරන්නට ජාතික අසමගිය ඇති වන ප්‍ර‍චාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරමින් සිටි පුද්ගයින් 10 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සවස දැනුම් දුන්නේය.
එහි ප්‍රධාන සැකකරු විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ සහ දෙවැනියා ලෙස හදුනාගත් නස්නාරං පට්ටියගේ සුරේද සුරවීර ද සිටින බව ඔහු සදහන් කළේය.
අමිත් ජීවන් වීරසිංහ යනු මින් ඉහත 2017 දෙසැම්බර් ගිංතොට මුස්ලිම් විරෝධි කලබලයක් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් නිර්මාණය කරන්නට උත්සුකවීම නිසා
පොලිසිය සොයමින් සිටි සැකකරුවෙකි.

‘මහසෝන් බලකාය‘ නමැති කල්ලියක් ඔහු නිර්මාණය කර තිබුණ බවද පැවසුණ අතර නිරන්තරයෙන්ම සිය මුහුණින්ම ෆේස් බුක් වෙත සජීවීව එමින් අන්‍ය ජාතීන් හෙළා දකින අදහස් පැතිරීමට කතා පැවැත්වූ අයෙකි.

අමිත් ජීවන්ගේ සහායක ලෙස කටයුතු කරන නස්නාරං පට්ටියගේ සුරේද සුරවීර  ‘සිංහලේ සුරේද‘ යන නමින් හදුන්වනු ලබන්නෙකු වන අතර ඔහුද ‘මහසෝන් බලකාය‘ ආරම්භක සාමාජිකයෙකු බවත් ඔහු විසින්ම තබන ලද සටහන් වලින් අනාවරණය වී තිබේ.
මේ දක්වා දිගන පූජාපිටිය ආශ්‍රිතව සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරන ලදි.

මේ දක්වා මහනුවර සිදුවීම් 45 ක් වාර්තාවී තිබෙන බව දැන්වූ මාධ්‍ය ප්‍රකාශක සිදුවීම් වලින් දෙදෙනෙකු මියගොස් ඇති බවත් මුස්ලිම් කඩ සාප්පු 200 කට වැඩි ගණනක් විනාශ වී ඇති බවත් දන්වා සිටියේය.
මෙවැනි වැරදි සඳහා අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ට ඇප ලබාගැනීමට වුවද ඉතා සුවිශේෂී වූ කරුණු ඉදිරිපත් කළ යුතු බවත් 2018 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන සහ බලතල) රෙගුලාසි යටතේ කටයුතු සිදු කරමින් පවතින බව ද මාධ්‍ය ප්‍ර‍කාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අමිත් ජීවන් වීරසිංහ තමාගේ මුහුණද යොදමින් මුහුණු පොතේ පළ කර තිබෙන මතවාදී අදහස් කිහිපයක කොටස් පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment