වේලුවන විදුහලේ ගුරුවරියගේ පහරකෑමෙන් 13 හැවිරිදි සිසුවා රෝහලේ


පාසල් ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් දෙමටගොඩ පිහිටි වේලුවන විද්‍යාලයේ  ගුරුවරියක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 දක්වා බන්ධනාගාරගත කර ඇතැයි දෙමටගොඩ
පොලිසිය සඳහන් කරයි. එම ගුරුවරිය පහරදී ඇත්තේ අටවැනි ශ්‍රේණියේ දරුවකුටය.

 එම දරුවා අසුන් ගන්න පුටුවට වෙනත් සිසුවෙක් ජලය හැලීමක් ගැන ගුරුවට කළ පැමිණිල්ලකින් අනතුරුව ඇය එම සිසුවාටම පහරදී ඇතැයි පොලිසිය කියයි. එම පහරදීම සිදුව ඇ ත්තේ ඉකුත් සතියේදීය.

එහිදී සිසුවා ගුරුවරිගේ පහරකාගෙනම බීම වැටි ඇති බව පොලිසිය කියයි. එහිදී සිසුවාගේ තත්ත්වය අයහපත් වූ බැවින් ඊජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කොට ඇත.

සිසුවාගේ දෙමාපියන් ඒ ගැන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගුරුවරිය පසුගිය 23 වැනි දා අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය කියයි.

 මෙම විදුහලේම රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට රගර් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ පුහුණුකරු විසින් අමානුෂික වද හිංසා කිරීමක් ගැන ද පසුගිය වසරේදී ද පැමිණිල්ලක් ලැබුණ බව පොලීසිය සඳහන් කරයි. එහි දී සිසුන් කිහිප දෙනෙක් සහ රගර් පුහුණුකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරීපත් කළ බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසුවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment