විදුලි කාර්මික ශිල්පීන්ට වෘත්තීය බලපත්‍ර පිරිනැමීම 2018 ඔක්තෝබර් සිට

විදුලි කාර්මික ශිල්පීන්ට වෘත්තීය බලපත්‍ර පිරිනැමීම 2018 ඔක්තෝබර් සිට
විදුලි කාර්මික ශිල්පීන් සඳහා යෝජිත වෘත්තීය බලපත්‍ර ක්‍රමය පිළිබඳ විවිධ ආයතන හා ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයින් 50 දෙනෙක් මෙහිදී වාචිකව අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. මෙහිදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගෙන යෝජිත බලපත්‍ර ක්‍රමය වැඩිදියුණු කිරීමට නියමිතය. විදුලි කාර්මික ශිල්පී වෘත්තීය බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැගීම සඳහා අවසන් නිර්දේශ ලබන මැයි මාසයේදී රජයට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මෙහිදී අනාවරණ කළේය. රජයේ අනුමැතිය ලැබුණු පසුව මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව බලපත්‍ර ක්‍රමයට ක්‍රියාවට නැගීමට නියමිතය.‍
 
නව බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැගීමේ ප්‍රධාන අරමුණක් වන්නේ විදුලි කාර්මික ක්ෂේත්‍රය සඳහා උසස් වෘත්තීකයින් පිරිසක් බිහිකිරීමයි. ඒ හරහා මෙරට නිවාස ඇතුළු විවිධ පරිශ්‍රයන්හි අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතිවල ප්‍රමිතිය තහවුරු කර ගත හැකි වේ. එමෙන් ම නව බලපත්‍ර ක්‍රමය මගින් විදුලි කාර්මිකයින්ට සිය වෘත්තිය දියුණුව ලබාගැනීමට ද ඉඩකඩ සැළසේ. විදුලි කාර්මිකයින් සඳහා පළමු වරට ශ්‍රේණි ක්‍රමයක් ද මේ යටතේ හඳුන්වා දෙයි. ආධුනික විදුලි කාර්මිකයෙකුගේ සිට අධි ශේණි විදුලි කාර්මිකයෙකු දක්වා වු විවිධ ශ්‍රේණි 5ක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට යෝජිතය. ඇම්පියර් 30 එකලා විදුලි රැහැන් පද්ධති සවිකිරීමේදී ඒවා සැළසුම් කිරීමට, රැහැන් සවි කිරීමට හා එම පද්ධති පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ බලය ද බලපත්‍රලාභී විදුලි කාර්මික ශිල්පීන්ට ලබාදෙනු ඇත. නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී බලපත්‍ර ලාභී විදුලි කාර්මික ශිල්පීන් විසින් නිකුත් කරන එම සහතිකය අනිවාර්ය වේ.
 
යෝජිත බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැගීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මුලිකත්වයෙන් ස්ථාවර කමිටුවක් පිහිටුවා ඇත. එම කමිටුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව(PUCSL), ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය(VTASL), ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) යන ආයතනවල නියෝජිතයින් ඇතුළත් වේ. විදුලි කාර්මිකයින්ට බලපත්‍ර පිරිනැමීම සඳහා අදාළ පරීක්ෂණ පවත්වනු ලබන්නේ මෙම කමිටුව විසින් පත්කරනු ලබන පරීක්ෂණ මණ්ඩල විසිනි.
 
utility com
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment