ගෑස් කාන්දුවීමකින් දෙදනෙකු මියයයි

ගෑස් කාන්දුවීමකින් දෙදනෙකු මියයයි

දඹුල්ල පන්නම්පිටිය  ප්‍රදේශයේ පෞද්ගලික ආයතයනයක සේවය කළ දෙදනෙකු ගෑස් කාන්දු වීමකින්  මියගොස් ඇති බව දඹුල්ල  රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම ගෑස් කාන්දු වීමෙන් අනතුරුව ඊයේ ( 22 ) රාත්‍රී 10ට පමණ කාන්තාවක හා පුරුෂයකු දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් ඒ වන විටත් ඒ දෙදනා මිය ගොස් සිටි බවද වර්තා වේ.

​ගෑස් කාන්දුවීමෙන් මිය ගොස් ඇත්තේ දඹුල්ල පන්නම් පිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂාන් ජයවර්ධන නම් ( 19) තරුණයකු හා දඹුල්ල ඇඹුල්බේ ප්‍රදේශයේ පදිංචි නිරෝෂා දිල්රුක්ෂි (30) නම් එක්දරු මවකි.

මිය ගිය අය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය  අද ( 23) සිදු කිරීමට නියමිතය. දඹුල්ල පොලිසිය සිදුවීම පිළිබඳව පරික්ෂණ පවත්වයි.

මහින්ද උදයසිරි -දඹුල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment