අපේ අප්පච්චිව නිදහස් කරන්න කියලා ඔයාගේ අප්පච්චිට කියන්න – චතුරිකාට සංගීතාගෙන් සංවේදී ලිපියක්..

අපේ අප්පච්චිව නිදහස් කරන්න කියලා ඔයාගේ අප්පච්චිට කියන්න – චතුරිකාට සංගීතාගෙන් සංවේදී ලිපියක්..
පසුගිය 15 වැනි දින අසනීප තත්වයක් හේතුවෙන් මියගිය තම බිරිඳගේ අවසන් කටයුතුවලට බන්ධනාගාරයේ සිට පැමිණි ආනන්ද සුදාකර් සිය බිරියගේ අවසන් කටයුතු සිදුකොට නැවත බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේදී දියණිය දිවගොස් බන්ධනාගාර බස් රථයටද ගොඩවී පියාගේ අතේ එල්ලී හඬා වැළපීම මහත් සංවේදී අවස්ථාවක් විය.
 
මව සහ පියා නොමැතිව ජීවත් වන කනිරදන් සහ සංගීතාගේ තත්වය ගැන සැලකා බලා ආනන්ද සුදාකර්ට පොදු සමාව ලබාදී නිදහස් කරන ලෙස විවිධ පාර්ශවයන් ඉල්ලා සිටියි. මෙවැනි තත්වයකදී ඊයේ (22) දින ආනන්ද සුදාකර්ගේ දියණිය වන සංගීතා විසින් ජනාධිපතිගේ දියණිය වන චතුරිකා සිරිසේන වෙත සංවේදී ලිපියක් ලියාා තිබේ.
 
අදාල ලිපිය මෙසේය....
 
දයාබර චතුරිකා අක්කා වෙත..!
 
මව අහිමිවී තාත්තාගෙන් වෙන්වී මමයි අයියයි අනාථව සිටිනවා. මම අම්මාගේ කුසේ සිටින අවස්ථාවේදීම තාත්තාව අත්අඩංගුවට ගෙන තිබුණා. අදට මට වයස අවුරුදු දහයයි. මෙතෙක් මට පිය සෙනෙහස ලැබී නැහැ. අම්මාගේ අවසන් කටයුතුවලට පැමිණි තාත්තාට අපි සමග මඳ වෙලාවක් කාලය ගත කිරීමට ඉඩ සලසා දී තිබුණා. අම්මා නැති මෙම නිවසේදී මටත් අයියාටත් තාත්තා සමඟ සිටීමට ආසාවෙන් ඉන්නවා. අක්කේ ඔයා දන්නවා තාත්තාගේ සෙනෙහස සහ රැකවරණය ගැන. ඔයා පොඩ්ඩක් අනුකම්පා කරලා ඔයාගේ තාත්තාට කියලා අපේ තාත්තාට සමාවී නිදහස් කරන්න කියන්න.
 
අක්කේ දැන් මම දෙවියන්ට වඩා විශ්වාස කරන්නේ ඔයාගේ තාත්තවයි. මන්ද මේ ලෝකේ ඔහුට පමණයි අපගේ තාත්තාව නිදහස් කරන්න පුළුවන්. එය ගැන ඔයත් ඔයාගේ තාත්තාට කියන්න. දයාබර අක්කේ අම්මයි, තාත්තයි නැති මේ ගෙදර අපිට ජීවත්වීමට කැමැති නැහැ. අක්කේ, මාව ඔයාගේ නැගණියක් ලෙස සිතා මගේ තාත්තාව නිදහස් කිරීමට ඔයත් උදව් කරන්න.
 
ස්තුතිය.
මෙයට..
ආදරණීය නංගි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment