පළාත් පාලන ආයතනයන්ට සියයට 29 ක කාන්තා නියෝජනයක්.


පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබා දුන් අතිරේක ලැයිස්තු අනුව සමස්ථ ලංකාවේ 29%ක කාන්තා නියෝජනයක් ස්ථාපනය කිරීමට හැකිවී තිබෙන බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍ර‍කාශ කර ඇති නිකුත් කළ පළාත් පාලන සභික ලැයිස්තු අනුව තේරී පත් වී ඇති සභිකාවියන් සංඛ්‍යාව 2526 කි.  1% ක අවම අගයක පැවති පලාත් පාලන ආයතනයන් හි කාන්තා නියෝජනය 29% ක් දක්වා වැඩිවීම ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අවම කාන්තා නියෝජනයක් තහවුරු කිරීම සදහා වසර 6 ක් පුරා අඛණ්ඩව පෙනී සිටි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතන 340 න් ආයතන 325 කම 25% ක නියෝජනය ස්ථාපනය වීම පිළිබද සිය ප්‍ර‍සාදය පළ කරයි. 

 ඡන්ද විමසීමට අනුව ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කරනු ලැබූ මුලු සභිකයින් 8356 ක් ද,  එල්ලන ලද මන්ත්‍රී ධූර (ඕවර් හැන්ග්) 365 ක් ද, සමග ඡන්දය පැවති පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයින් 8721 ක් පත් වන්නේය. එයින් කාන්තාවන් 2526 දෙනෙකු පත්ව ඇති බැවින් 29%ක කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතනයන් හි පවතී.   

කාන්තා නියෝජනයේ 25% නොමැතිව පළාත් ආයතන 15 ක් ගැසට් කොට ඇත.   ඒවා කොටගල, පේදුරුතුඩුව, මන්නාරම, මුසලි, වෙරුගල්, ත්‍රිකුණාමල නගරය සහ කඩවත්, තඹලගමුව, මුත්තූර්, වනාතවිල්ලුව, කරෙයිතිව්, පදියතලාව, තිරුක්කෝවිල්, මන්මුනෙයි යන ප්‍රාදේශීය සභා 13 සහ, ත්‍රිකුණාමලය හා කින්නියා නගර සභා 2 යි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment