චීන මොඩලයේ පාලනයක් එන තුරු සමාජ ජාල තහනම දිගටම?


මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පසුගිය මාර්තු 07 වෙනි දින ආණ්ඩුව තීරණය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය.

දින කිහිපයක් ඇතුළත (පැය 72ක්) අදාළ අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ නමුත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම තීරණයකට එළඹී නැත.

රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙම තහනම දින තුනක කාලයක් සඳහා සළකා බැලූ බවයි. ඊයේ දිනයේදී එම තහනම ඉවත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළත් අද දිනයේදිත් එය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.

ආණ්ඩුව සමාජ ජාල වහන්න යයි

චීනය විසින් සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීමට ගන්නා ලද සැලසුම් පිළිබඳව රජය එරටින් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට චීන රජය එකඟතාවය පළකර ඇති බවද වාර්තා වේ.


ඒ අනුව දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස චීනය විසින් සමාජ ජාල පාලනය සඳහා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමටද රජය සැලසුම් කර ඇත.

කෙසේ නමුත් මීට අදාල උපකරණ සහ මෘදුකාංග කිහිපයක් ද ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වන අතර එතෙක් මේ වන විට පවතින වාරණය පවත්වාගෙන යාමට ද රජයේ අවධානය යොමු වී ඇත.

ෆේස්බුක් පාලනය කළ යුතුයි : මහින්ද අමරවීර 

ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය  මහින්ද අමරවීර පවසයි. 

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී  මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් කල විමසීමකදී අමාත්‍යවරයා එසේ පැවසිය .

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා.

"ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය .

අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි . 


රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය ."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment