සැමියා යනකං ඉඳලා 16 කොල්ලා ගෙට ගෙන්නා ගත් 27 බිරියට වූ දේ



 සැමියා නැති අතරේ තහනම් ගහේ ගෙඩි කැමට ගිය විවාහක කාන්තාවක් අනියම් සැමියාටම භාරදීමේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තාවේ. තම බිරිඳ හා දරුවා සමග සතුටින් කාලය ගත කර දින 10 ක නිවාඩුව අවසන් කර තම සේවා ස්ථානයට සැමියා ගිය දින රාත්‍රියේ රාජාංගනය  කලුන්දෑගම පදිංචි කාන්තාවක් තමන් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන තම ඥාති සහෝදරයාට තමන්ගේ පාළුව මැකීමට පැමිණෙන ලෙස
ආරාධනා කර තිබේ. හොර රහසේ නිවසට ගෙන්නා ගෙන පෙම්සුව විදිද්දී කාන්තාවගේ නැන්දණියට ලේලියගේ කාමරයේ ආ අමුතු ශබ්දය ඇසී තම ලේලියගේ කාමරයට යන විට ඇයගේ කෙරුවාව ඇස්පනාපිටම දැක ගැනීමට හැකිවී තිබේ. මේ සම්බන්ධව පසුදා නැන්දනිය විසින් තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.

තම අවුරුදු 5 ක් වයසැති කුඩා දරුවාද මිත්තණිය ළඟ නිදි කරවා
කුස්සියේ දොරින් අනියම් සැමියා තම කාමරයට ගෙන්වා ගත්තද සියල්ල හෙළිවීම නිසා එදිනම අනියම් සැමියා සමග ඇය වෙනම ජීවත් වීමට පටන්ගෙන ඇත. ආරක්ෂක අංශයට සම්බන්ධ මෙම කාන්තාවගේ සැමියා සමග වසර 6 ක ප්‍රෙම සම්බන්ධතාවයක් මත විවාහව සිටි තැනැත්තියකි. තමන්ගේම සහෝදරයකුට මෙන් සැලකු මෙම තරුණයා තමන්ට
මෙහෙම දෙයක් කරාවි යැයි තමන් නොසිතු බව මෙම පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ මෙම කාන්තාවගේ සැමියා පොලිසියට පවසා තිබේ. මෙවන් කාන්තාවන් ළඟ දරුවන් සිටීමද දරුවා නොමග යෑමට ඉඩ ඇති නිසා තමන් දරුවා මෙම කාන්තාවට නොදෙන බවද පවසා දරුවා රැගෙන කාන්තාව අනියම් පුරුෂයාට භාරදී ගොස් තිබේ. දැනට අවුරුදු 16 ක් වන අනියම් සැමියා පවසා ඇත්තේ තමන්ට අවුරුදු 18 ක් වූ පසු අවුරුදු 27 ක් වු අක්කා විවාහ කරගන්නා බවයි.
වෙච්ච වැරදි හදාගෙන එය පාඩමකට ගෙන අනාචාරයේ හැසිරීමෙන් වළකින ලෙස තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යායංශයේ ස්ථානාධිපති උපො.ප. ඉෂාරා හේරත් මහත්මියඇයට පැවසූ විට ඇය බිම බලාගෙන කඳුළු සලන අයුරු දක්නට ලැබිණි.

(රාජාංගනය නුවන් කුමාර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment