ෂොපින් බෑග් කෑම නිසා මරු දුටු අම්පාරේ අලියා


ෂොපින් බෑග් කෑම නිසා මරු දුටු
අම්පාරේ අලියා

අම්පාර, අඩ්ඩාලච්චනේ ප්‍රාදේශීය සභාවට අයත් පල්ලේකාඩු කසළ කළමනාකරණ ඒකකය තුළ මියගිය අලියාගේ මරණයට හේතුව පොලිතින් අපද්‍රව්‍ය සමග කෑම ආහාරයට ගැනීමට යාම බවත් ආහාර ජීර්ණ පද්ධතිය තුළ ෂොපින් බෑග් සහ පොලිතින් පිරී තිබුණ බවත් නැගෙනහිර පළාත් වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසා තිබේ.
වයස අවුරුදු දහයක් පමණ වන උසින්
අඩි හයයි අඟල් අටක් පමණ වන මෙම අලියා පසුගිය විසි තුන්වැනි දින පල්ලේකාඩු කසළ කළමනාකරණ ඒකකය තුළ රෝගීව වැටී සිටි බවත් දින දෙකක් අලියාට ප්‍රතිකාර ලබා දුන් බවත් අලියාගේ මතුපිටින් කිසිදු තුවාලයක් නොතිබුණ බවත් පශු වෛද්‍යවරයා දන්වා තිබේ.

රෝගිව සිටි වල් අලියා 28 වැනිදා වන විට මියගොස් සිටි බවත් ඒ අනුව වල් අලියාගේ පශ්චාත් මරණ පරික්ෂණය කිරීමේදී දක්නට ලැබුණේ ආමාශයේ අපද්‍රව්‍ය පිරි තිබුණ බවයි. ඒ අනුව මෙම ස්ථානයට ගෙනවින් දමන වස විස සහිත ද්‍රව්‍ය එම ආහාරන් සමග අලින්ට කැවෙන බැවින් විෂ වර්ගද ශරිරගත විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

වල් අලියකුගේ ආහාර මාර්ග පද්ධතියක තුළ ශාකමය කොටස් දක්නට ලැබෙන බවත් මෙම අලියාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ එවන් ශාකමය කොටස් දක්නට නොලැබුණ බවත් ඔහු පැවසීය. අම්පාර බුද්ධදාගල කසළ කළමනාකරණ ඒකකය අවට සිටින වල් අලින් සහ පල්ලේකාඩු කසළ කළමනාකරණ ඒකකය අවට සිටින අලින් මෙම අවදානමට ලක්ව ඇත.
මේ වන විට මෙම ප්‍රදේශ අවට මියගිය වල් අලින් විශාල ප්‍රමාණයකගේ මරණයට හේතුව බවට පත්ව ඇත්තේ කැළිකසළ ආහාරයට ගැනීම බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment