පුදිත් කිත්තිහාදිලොක් නමැති මේ පුද්ගලයා 34 හැවිරිදි ය.
ඔහු විසින් ඉතා ඉහළ ලාභ ලැබෙන බව පවසමින් ව්‍යාජ ආයෝජන ව්‍යාපාරයක් දියත් කර තිබිණි. පිරමිඩ ලක්ෂණ පෙන්වන මෙම ආයෝජන සැකසුමේදී පැරණි ආයෝජකයන්ට ඉතා ඉහළ ලාභාංශ ලැබෙන්නේ නව ආයෝජකයන් විසින් ආයෝජනය කරන මුදල්වලිනි. මෙම ක්‍රමය හැඳින්වෙන්නේ ‘පොන්සි ස්කීම්‘ (Ponzi scheme) හෝ ‘පොන්සි ගේම්‘ (Ponzi game) යනුවෙනි. තමන් විසින් පොන්සි ගේම් එකක් කළ බව ඔහු අධිකරණයේදී පිළිගත් නමුත් දණ්ඩනය අඩු කිරීමට එය හේතුවක් වූයේ නැත.
ඔහු විසින් තිබෙන බව මවා පෑ ව්‍යාජ සමාගම් ජාලයක 40,000 ක් දෙනා මුදල් ආයෝජනය කර තිබිණි. ඒ අනුව ඔහු විසින් වංචා කර තිබූ මුදල ඩොලර් මිලියන 160ක් හෙවත් පවුම් මිලියන 120 ක් තරම් අති දැවැන්ත විය.
එසේම නීතිවිරෝධී ලෙස මුදල් ණයට දීම් 2653කට මේ පුද්ගලයා සම්බන්ධ බව ද අධිකරණය සොයාගත්තේය.
බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරන ආකාරයට මෙම මූල්‍ය අපරාධවල ඔහු නිරත වී සිටින්නේ ඉතාම සංවිධානාත්මකව ය. එනම් පුදිත් විසින් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කර එයට සාමාජිකයන් කැඳවා ඔවුන්ව දිරිමත් කර ඇත්තේ නව ආයෝජකයන් හෙවත් නව සාමාජිකයන් බඳවාගන්නා තරමට ඔවුන්ගේ ලාභය ඉහළ යන බව ඒත්තු ගන්වමිනි. දේපළ වෙළඳාම්, රූප ලාවන්‍යය, පාවිච්චි කළ මෝටර් රථ සහ වෙනත් බොහෝ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ හැකි මාර්ග ඔහු විසින් පෙන්වා දී තිබිණි.
ආයෝජකයන් විසින් සිදුකළ පැමිණිලිවලින් පසු අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගත් ඔහු බැංකොක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා තිබිණි. ඔහුගේ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.
අධිකරණය ඔහු යටතේ ලියාපදිංචි කර තිබූ සමාගම් දෙකකට ඩොලර් මිලියන 20 බැගින් දඩ නියම කළේය. ඔහුට සහ ඔහුගේ සමාගම්වලට ඩොලර් මිලියන 17 ක් ආපසු ගෙවන ලෙස ද නියම කළේය.
මෙම පිරමිඩ ජාවාරමේ හඳුනාගත් වින්දිතයන් 2653 දෙනෙකුට 7.5%ක වාර්ෂික පොලියක් ගෙවන ලෙසට ද අධිකරණය නියම කළේය.
අධිකරණයේදී පාපොච්ඡාරණය කර වරද පිළි නොගත්තා නම් තායි නීතිය අනුව ඔහුට වසර 6,637 ක් සිරබත් කන්නට සිදුවනවා ඇත!
0 comments :
Post a Comment