උතුරේ මරණවලට හේතුව හඳුනා ගනී

උතුරේ මරණවලට හේතුව හඳුනා ගනී
ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විවිධ මාධ්‍ය මගින් පළකර තිබු යාපනය ප්‍රදේශයේ සිදු වූවා යැයි කියන මරණ සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශය, පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව මුලික විමර්ශණයක් සිදුකර ඇත. එම විමර්ශණයට අනුව යාපනය ප්‍රදේශයේ මෙම කාලය තුල වාර්තා වී ඇති මරණ සියල්ලම පැහැදිලි රෝගී තත්ත්වයන් හේතු කොට සිදු වූ මරණ බවට තහවුරු කර ඇත.
 
එම නිසා මරණ සියල්ලම සායනිකව තහවුරු කළ විවිධ රෝගී තත්ත්වයන් හේතු වී ඇති බවට වෛද්‍ය සාක්ෂි ඇත. තවද මෙම මරණ එකම පවුලක හෝ ඔවන්ගේ ඥාතීන් අතර සිදුව නැති බව ද තහවුරු වී ඇත.
 
අදාල මරණ යම්කිසි හදුනා නොගත් හේතුවක් මත සිදු වී ඇති බවට පැතිර ඇති වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කරයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment