නරක් වූ කෑම විකිණූ කෝප් සිටියට රු. 30000ක දඩ

නරක් වූ කෑම විකිණූ කෝප් සිටියට රු. 30000ක දඩ

යක්ලමුල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන යක්කලමුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් කෝප් සිටි වෙළඳ සැළක් පරික්ෂා කරනු ලැබූ යක්කලමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම කොප් සිටි වෙළද ආයතනයේ තිබූ සෞඛ්‍ය ආරක්ෂීත නොවන කෑම වර්ග සම්බන්ධයෙන් ගාල්ල අධිකරණයේ නඩු පවරා ඇත.

24.03.2018 දින එම ආයතනයේ නිළදාරීන් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිදු කර තිබේ. එහිදී වැරදී සඳහා රුපියල් 30000ක දඩ මුදලක් අයකර ගෙන සැකකරුවන් මුදා හැර ඇත.

නරක් වූ අල විකිණීමට තැබීම, සෞඛ්‍ය ආරක්ෂිත නොවන සහල් විකිණීම, විකිණීමට තිබූ භාණ්ඩ වල ලේබල් නිසිපරිදි නොතිබීම වැනි වැරදිය එම වැරදි සම්බන්ධයෙන් මෙසේ යක්කලමුල්ල මහජනසෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගාල්ල අධිකරණයේ නඩු පවරා තිබුණි.

මෙම වැටලීම යක්කලමුල්ල සෞඛ්‍ය නිළදාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී එම්. වී. ඒ. සංජිත පටබැදි මහතාගේ උපදෙස් මත යක්කලමුල්ල මහජන සෞඛ්‍ය නිළදාරී සිදු කර ඇත.

සඳනුවන් කීර්ති - යක්කලමුල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment