සියයට 75 කින් ජයගෙන පුටින් සිව්වන වරටත් රුසියානු ජනපති පුටුවට


රුසියානු ජනාධිපතිවරණයේ දී අපේක්ෂිත ජයග්‍රහණය ලබාගැනීමට ව්ලැඩ්මියර් පුටින් සමත්ව තිබේ.

ඒ අනුව ව්ලැඩිමියර් පුටින්ට තවත් වසර 6ක නිල කාලයක්  සදහා අවස්ථාව හිමිවනු  ඇති.

සමස්ත ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය 60%ක් වූ අතර ඒ අතරින් ජනාධිපති පුටින්ට 75%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ බවයි එරට මැතිවරණය කොමිසම පවසන්නේ.
 65 හැවිරිදි ව්ලැඩ්මියර් පුටින් ජනාධිපති පදවියට පත්වන සිව්වන අවස්ථාව මෙය වනවා.
 ජයග්‍රහණයෙන් පසු මොස්කව් නුවර පිහිටි ඔහුගේ පක්ෂ මූලස්ථානයේදී තම පාක්ෂිකයන් අමතමින් තමන්ට ඡන්දය ප්‍රකාශ කල ජනතාවට ස්තුතිය පල කළා.
 මෙම ජයග්‍රහණය සැමරීම සදහා මේ වන විට මොස්කව් නුවරට විශාල පිරිස්ක රැස්ව සිටියා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment