නඩත්තුවක් ඉල්ලා නදී උසාවි යයි.


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීකා චන්ද්‍රසේකර මහත්මිය කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් වන්දි මුදල් ඉල්ලා කඩුවෙල අධිකරණය හමුවේ පවරා තිබූ නඩත්තු නඩුවක්‌ විභාගයට ගත් මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා වැඩිදුර විභාගය ලබන අප්‍රේල් 05 දිනට කල් තබමින් දෙපාර්ශ්වයටම එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

මෙම පෙත්සමට අදාළව වග උත්තරකරු වශයෙන් නම්කර සිටින පානදුර ප්‍රදේශයේ පදිංචි යසන්ත සමරවීර නමැති අයකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පැමිණිලිකාර ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය ඔහුගේ දේශීය හා විදේශීය ව්‍යාපාර ඇතුළු දේපළ වත්කම් සනාථ කළ හැකි ලේඛන පිටපත් ගණනාවක්‌ සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට බාර දුන්හ.

මෙහිදී ඇය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ තමා දිර්ඝ කාලයක්‌ තිස්‌සේම 'රයිගම්' හා 'සුමති' ඇතුළු කලා සංවිධාන කිහිපයකදීම හොඳම ටෙලි නාට්‍ය ශිල්පිනිය වශයෙන් උපහාර සම්මාන හිමිකර ගෙන ඇති බවයි.

වගඋත්තරකරු දැනට තමාගෙන් වෙන් වී වෙනත් කාන්තාවක්‌ සමඟ විවාහ වී සිටින බවත්, කලකට පෙර තමා චිත්‍රපටවල රඟපෑමට විරුද්ධව ඔහු විවිධ බලපෑම් බාධා කිරීම් සිදු කිරිම නිසා තමාගේ වෘත්තීය කටයුතු අඩාල වී සැඟවුණු හුදකලා ජීවිතයක්‌ ගත කිරිමට සිදු වූ බවත් මේ නිසා තමා අන්ත අසරණ තත්ත්වයට මුහුණ පා සිටින බවත් ඇය වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් පැවසුවාය.

තවද වගඋත්තරකරු සතුව දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාර ගණනාවක්‌ පවත්වාගෙන යන බවත් පැවසූ ඇය ඒ අතර තමාගේ නමින් කරගෙන යන වෙළෙඳ ආයතනයක්‌ ද තිබෙන බවත් හෙළි කළාය. නිතර නිතර විදේශ සංචාරවල යෙදෙන වගඋත්තරකරු මාසිකව විශාල ආදායමක්‌ ලබන කෝටිපති ව්‍යාපාරිකයකු බව ද පැවසූ පැමිණිලිකාරිය ඔහුගෙන් නඩත්තු මුදලක්‌ ලබා දෙන ලෙසට අධිකරණයෙන් අයැද සිටියාය.

වගඋත්තරකරු විසින් පවත්වාගෙන යන ඉහත කී ව්‍යාපාර ගණනාවකට අදාළව හිමිකම් සනාථ කිරීමේ ලේඛන පිටපත් පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ රුචිර රන්දෙනි මහතා සමඟ නීතිඥ දසුන් නාගසේන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ අතර වගඋත්තකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අසාත් නානායක්‌කාර මහතා පෙනී සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment