ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) විසින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිල් වරෙන්තුවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවරක් ම අධිකරණය මඟින් නිවේදන නිකුත් කෙරුණ ද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ජාත්‍යන්තර පොලීසියේ ශ්‍රී ලංකා අංශය අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා ඇත.
එහිදී සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් දැනට සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා නිල් වරෙන්තුවක් ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කර තිබේ.
අධිකරණයෙන් කෙරුණු දෙවැනි දැනුම් දීමට අනුව අර්ජුන් මහේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු වන්නේ මාර්තු 08 වන දාට ප්‍රථම ය. ඔහු එසේ නොපැමිණියහොත් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීමට ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා අංශයට හැකි වනු ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment