දඹුල්ල සහ මොරටුව මහ නගර සභා පොහොට්ටුවට.


මෙවර පළාත් පාලන මැතිවරණයෙදී   දඹුල්ල මහ නගර  සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය.

නව පාලන කාලය ලබන 03 වැනිදා ආරැඹිමට නියමිත අතර නගරාධිපතිවරයා ලෙස තේරීපත්වු   ජාලිය හේමන්ත ඕපාත මහතා සිය ධුරයේ  වැඩභාර ගැනීමද එදිනට සිදු වේ. නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස  සමීර ජයසේකර මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

නගර සභා බලය විසුරුවා හැරීමට පෙර  නගරාධිපති වරයා ලෙස කටයුතු කළේද  නව නගරාධිපතිවරයා වු ජාලිය ඕපාත මහතාය. 

තිත්තවැල්ගොල්ල කොට්ඨාසයෙන් තරග කළ ජාලිය ඕපාත මහතාට පක්ෂව ඡන්ද 868ක් අතුපාරයායවසම කොට්ඨාසයෙන් තරග කළ සමීර ජයසේකර මහතාට ඡන්ද 747 ක් ලැබිණි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ දඹුල්ල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති වරයා වූ  කුසුම්සිරි  ආරියරත්න මහතාට මෙවර  ජය හිමි නොවු අතර  එක්සත් ජනතා නිදහස් සන්ධානයට දඹුල්ල මහනගර සභාවේ අතිරේක මන්ත්‍රීධුර දෙකක් හිමි විය.

මොරටුවත් පොහොට්ටුවට 

මොරටුව මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය.

මොටුව නගරාධිපති ලෙස යළිත් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පක්ෂව ඡන්ද 23 කින් තේරී පත් විය.


පොහොට්ටුවෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස සමන්ත සිල්වා මහතා පත්විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment