සමාගම් 7 ක කොටස් ගනුදෙනු තහනම් කෙරේ.


කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 7 ක කොටස් ගනුදෙනු තහනම් කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන තිබේ.

මෙම ගනුදෙනු ගහනම 2018 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන බව වාර්තා වේ.

මෙලෙස ගනුදෙනු තහනම් කෙරෙන සමාගම් හත පහත පරිදි වේ.

ලංකා සිමෙන්ට් පීඑල්සී
පීසී හවුස් පීඑල්සී
පීසී ෆාමා පීඑල්සී
සිලෝන් ඇන්ඩ් ෆොරීන්ග් ට්‍රේඩ්ස් පීඑල්සී
ස්ටෑන්ඩර්ඩ් කැපිටල් පීඑල්සී
ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී
ඇඩම් කැපිටල් පීඑල්සී
ලැයිස්තුගත සමාගමක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිසි කලට ඉදිරිපත් කළ යුතු අතුරු මූල්‍ය වාර්තා සහ වාර්ෂික මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම මෙම කොටස් ගනුදෙනු තහනමට හේතු වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් දන්වා සිටින්නේ 2018 මාර්තු 29 දිනට පෙර අදාළ මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකළහොත් මෙම කොටස් ගනුදෙනු තහනම බලපැවැත්වෙන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment