කුමන්ත්‍රණයක් : සිරිකොතේ සුගත්ගේ කාර්යාලයටත් සීල්.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර විසින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ භාවිතා කළ කාර්යාලය මීට ස්වල්ප මොහොතකට පෙර සීල් තබා ඇති බව වාර්තා වෙයි.

සිරිකොත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට සුදත් චන්ද්‍රසේකර මහතා යටතේ සේවයේ යොදවා සිටි 14 දෙනෙකුද අදාළ රාජකාරි වලින් නිදහස් කර ඔවුන්ටද සිරිකොත මුලස්ථානයෙන් පිටවන ලෙස දැනුම්දී ඇත.

දේශපාලන කුමන්ත්‍රණයක් !

එජාප පක්ෂ මුලස්ථාන සිරිකොත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික සහකාර ලෙස වසර ගණනාවක් සේවය කළ සුදත් චන්ද්‍රසේකර හදිසියේ ඉවත්වීමත්, ඊට අදාළව නිකුත් කළ ආන්දෝලනාත්මක ලිපිය මාධ්‍ය වෙත නිකුත්වීම යන කාරනා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සමගාමීව සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයක් බවට සැක පහළවී ඇති බවය.

එසේම එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සුදත් චන්ද්‍රසේකරගේ ඉවත්වීම පක්ෂ අභ්‍යන්තරය බරපතල අවධානයක් යොමුකර ඇති කාරණයක් වී ඇති බවය. වසර ගණනාවක් අග්‍රාමාත්‍යවරයා සමඟ සමීපව කටයුතු කළ සහ වඩාත් විශ්වසනීය අයෙකු ලෙස කටයුතු කළ සුදත් මේ ආකාරයට ඉවත්වීම හුදකළා කටයුත්තක් විය නොහැකි බව පක්ෂයේ බහුතරයක අදහසවී තිබෙන බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එසේම සුදත් චන්ද්‍රසේකර මහතා විසින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර යවන ලද ලියවිල්ල ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවට වාර්තාවී ඇති බවත් ඒ පිළිබඳවද පක්ෂයේ අවධානය යොමුව ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment