විශ්වාස භංගය පිළිබද ඡන්ද විමසුම සාමාන්‍ය ක්‍රමයට

විශ්වාස භංගය පිළිබද ඡන්ද විමසුම සාමාන්‍ය ක්‍රමයට
අද (28) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ඡන්ද විමසුම සාමාන්‍ය ක්‍රමයට පැවැත්වීමට පක්ෂ නායකයන් එකඟ වී ඇත.
 
පසුගිය 23 වැනිදා පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ නොසිටි එස්.බී. දිසානායක ඇමතිවරයා ඡන්ද විමසීමට සහභාගි වූ බවට සහ ඔහු සිය ඡන්දය භාවිතා කර ඇති බවට විද්‍යුත් පුවරුවේ සඳහන් විය. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කළ අතර ඔවුන්ගේ විරෝධය හමුවේ සභාව උණුසුම් විය.
 
කෙසේ වෙතත් එම විද්‍යුත් පුවරුව සවිකළ ආයතනය විසින් අදාල දෝෂය මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පාර්ලිමේන්තු සේවකයන් පවසන්නේ. එම දෝෂය නිවැරදි කර ඇතත් විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අතිශය තීරණාත්මක වන හෙයින් ඒ සඳහා විද්‍යුත් ක්‍රමය භාවිතා නොකිරීමට පක්ෂ නායකයන් තිරණය කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment