කම්කරු දිනය වෙනස් කිරීමේ කැබිනට් මණ්ඩලයේ තීරණයට විරෝධය - ලංකා ගුරු සංගමය

කම්කරු දිනය වෙනස් කිරීමේ කැබිනට් මණ්ඩලයේ තීරණයට විරෝධය - ලංකා ගුරු සංගමය
1886 ඇමරිකාවේ චිකාගෝ නුවර හේ මාර්කට් චතුරස‍්‍රයේ පැය 8 ක වැඩ දිනයක් ඉල්ලා උද්ඝෝෂණය කළ කම්කරුවන්ට එරෙහිව මුදාහල ප‍්‍රචණ්ඩත්වය හමුවේ මියගිය කම්කරුවන් සිහි කිරීම තේමා කර ගනිමින් මැයි 1 ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සැමරීම සිදු වේ. 
 
වෙසක් පොහොය දිනය මැයි 1 දිනට යෙදී නොමැති අතර වෙසක් පොහොය දඩමීමා කර ගනිමින් කම්කරුවන්ගේ මැයි දිනය උදුරා ගැනීම මගින් වත්මන් රජය තම කම්කරු විරෝධී පිළිවෙත තවදුරටත් ප‍්‍රදර්ශනය කරමින් සිටී. ලෝකයේ අනෙකුත් බෞද්ධ රටවලට වෙසක් සමයේ කම්කරු දිනය සැමරීම ගැටලූවක් වී නොමැති බව ද මෙහිදී පෙන්වා දෙමු. බලයට පැමිණීමේදී කම්කරු ගැටලූ විසඳීමට පොරොන්දු දුන් වත්මන් රජය මේ වන විට කම්කරු ගැටලූ විසඳීම පසෙක දමා දිගින් දිගටම කම්කරුවන් මර්දනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.  කම්කරු දිනය කල් දැමීම ආණ්ඩුවේ එම මර්දනකාරී පිළිවෙත තවදුරටත් තීව‍්‍ර කිරීමකි. 
 
කම්කරු දිනය කල් දැමීමට කැබිනට් අනුමැතියක් ලැබුණු බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ ද කැබිනට් මණ්ඩලයට එවැනි තීරණයක් ගැනීමට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න අපි ප‍්‍රශ්න කර සිටිමු. පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය මගින් ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වය කෙරෙහි මෙරට ජනතාව ස්වකීය අප‍්‍රසාදය පළ කර ඇති පසුබිමක මෙැවනි කම්කරු විරෝධී පියවර ගැනීම අත්තනෝමතික තීරණයක් බව අපි ප‍්‍රකාශ කර සිටිමු.
 
බෞද්ධයාට වෙසක් දිනය සැමරීමට අයිතියක් ඇතිවා සේම කම්කරුවාට මැයි දිනය සැමරීමට ද අයිතියක් ඇත. එම අයිතිය උදුරා ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අපි වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමු. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment