විශ්වාස භංග විවාදය පැවැත්වෙන 04 වැනිදා කොළඹට පැමිණීමට විරෝධතාකරුවන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර ද මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් එළවා දැමීම සඳහා තංගල්ලේ සිට පාගමක් ආරම්භ කළ අතර මාතරදී පාගමනට ප්‍රහාරයක් එල්ල වූ අතර එම පාගමන හැඳින්වූයේ කුරුඳු පොලු මෙහෙයුම ලෙසයි.
මෙවර මහනුවරින් ආරම්භ වූ පා ගමන සඳහා මෛත්‍රී ගුණරත්නලා වේලාසනින්ම කුරුඳු පොලුවලින් සන්නද්ධවීමට කටයුතු කර ඇති අතර එය පහත ඡායාරූපවලින් පැහැදිලි වේ.
එදා පළමු කුරුඳු පොලු මෙහෙයුම සඳහා එජාපයේ වෙනසක් බලාපොරොත්තු වූ සැලකිය යුතු පාක්ෂිකයන් පිරිසක් එක්ව සිටි අතර මෙවර ඔවුන් බොහෝ දෙනා මෛත්‍රී ගුණරත්න අතහැර ඇති බවක් පෙනේ. විශේෂයෙන් එදා මෛත්‍රී සමග සිටි ශිරාල් ලක්තිලක ඇතුළු කිහිප දෙනෙක් අද ඔහු සමග නැත. ශිරාල් ලක්තිලක මහතා මේ වනවිට ජනාධිපති සමග එක්ව සිටී.
අප වාර්තාකරුවන් පවසන්නේ පාගමන සඳහා එක්ව සිටින්නේ 50 කට ආසන්න පිරිසක් බවයි. විරෝධතාකරුවන්ට වඩා වැඩි පොලිස් නිළධාරීන් පිරිසක් පාගමනේ ආරක්ෂාව සඳහා යොදවා සිටින බව ද වාර්තාකරුවන් ප්‍රකාශ කරයි.
0 comments :
Post a Comment