දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු කණඩායමට චෝදනා එල්ල වූ අතර එම චෝදනාවට වරදකරුවන් වූ නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. ඊට අමතරව අදාල සිද්ධියට සම්බන්ධ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට මාස 09 ක තරග තහනමක් පනවා තිබේ.
මාධ්‍ය හමුවේදි කඳුළු සළමින් වෝනර් ප්‍රකාශ කළේ අදාල සිදුවීම සම්බන්ධයෙන් තම පවුලෙන් මෙන්ම රටේ සියලු දෙනාගෙන් සමාව අයැද සිටින බවයි. තමන් හැමවිටම ක්‍රිකට් ක්‍රීඩාව හරහා රටට අභිමානයක් ගෙන ඒමට කටයුතු කළ බවත් එහෙත් දකුණු අප්‍රිකාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සියලු වගකීම් භාරගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
'සියලු ඕස්ට්‍රේලියානුවන්ගෙන්, ක්‍රිකට් ප්‍රේමීන්ගෙන් සමාව අයැද සිටිනවා. අපේ රටේ කීර්තියට විශාල බලපෑමක් මේ නිසා එල්ල උනා. ක්‍රිකට් ටීම් එක කියන්නෙ මගේ ගෙදර වගේ. මා ජීවත්ව සිටින තාක් සිදු වූ දෙය වෙනුවෙන් පසුතැවීමෙන් කණගාටුවෙන් ඉන්න වේවි. දැන් හැමදේම වෙලා ඉවරයි. නැවත කිසි දිනෙක ඕස්ට්‍රේලියානු කණ්ඩායම තුළ මාව දකින්නට නොලැබේවි.'
'අපි අපේ රටේ අභිමානය පහතට ඇද දමා තිබෙනවා. සිදු වුනේ කිසිවකු බලාපොරොත්තු වූ දෙයක් නෙවෙයි. අපි නරක තීරණයක් ගත්තා. මෙවැනි බිහිසුණු තීරණයක් ගන්නා විට අපි කල්පනා කළේ නෑ එහි ප්‍රතිඵලයක කුමක් විය හැකිද කියා.'
0 comments :
Post a Comment