තොරණ තහනම : වෙසක් පොසොන් පෝය දිනට පමණයි.


වෙසක් සහ පොසොන් පොහෝ දිනවල පමණක් තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගත් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඉතා වැදගත් වෙසක් පොසොන් පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මේ පියවර ගත් බව අමාත්‍යවරයා කීය.

සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිපදෙනකු ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිවීම හේතුවෙන් සියලු තොරණ පෝයට පසුදින සිට ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී හෙතෙම මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් මේ වන විට රජය විසින් තොරණ ප්‍රදර්ශනය සම්පුර්ණයෙන් ම තහනම් කර ඇති බවට සමාජ ජාල වෙබ්අඩවි තුල පැතිර යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන් අසත්‍ය බවත් තොරණ ප්‍රදර්ශනය නොකළ යුත්තේ වෙසක් පොහෝ දිනය සහ පොසොන් පොහෝ දිනය තුල පමණක් බවත් රජයේ ප්‍රකාශකයෙක් Info Sri Lanka News වෙත පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment