අනධ්‍යයන සේවකයන් වෙනුවෙන් රජරට සරසවි සිසුන් පාරට බසී

අනධ්‍යයන සේවකයන් වෙනුවෙන් රජරට සරසවි සිසුන් පාරට බසී

අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු විසඳා විශ්වවිද්‍යාලය යළි විවෘත කර අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලෙස හා අවසන් වී නොමැති සයිටම් අර්බුදය වහා විසඳන ලෙස ඔවුහු මෙහි දී රජයට බල කළහ.

එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටුවේ රජරට විශ්වවිද්‍යාල නියෝජිත ජයන්ත කරුණාරත්න මහතා,

විසඳුමක් ලබා දෙන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා

"අනධ්‍යන කාර්යමණ්ඩලය වැඩවර්ජනයට අදට දින තිහක් ගත වෙලා තිබෙනවා. මේ වෙනකම් කිසිදු විසඳුමක් රජයෙන් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලබා දී නැහැ. දෙමාපියන් ඇතුළු සියලු දෙනා අපට සහයෝගය පළ කරනවා. මේ වන විට සරසවි ටික වහලා දාලා ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. අපි ආණ්ඩුවට බල කරනවා කඩිනමින් විසඳුමක් දී වසා දමා තිබෙන විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්න කියලා."

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් ශිෂ්‍යයා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

ආණ්ඩුව ජනතාවගේ අයිතීන් විකුණාගෙන කනවා

"අපි මේ විදියට උද්ඝෝෂණයක් කරන්නෙ ආණ්ඩුව දිගින් දිගටම අධ්‍යාපනය, සෞඛ්‍ය පෞද්ගලික කරමින් ජනතාවගේ අයිතීන් විකුණාකමින් සිටින නිසයි. ඒත් එක්කම අපි දන්නවා පසුගිය කාලයේ සයිටම් හොර උපාධි කඩය මර්දනය කරන්න සියලු දෙනා එක්ව විශාල වැඩපිළිවෙළක් අපි ගෙන ගියා ආණ්ඩුව කිව්වා සයිටම් අහෝසි කරනවා කියලා එහෙත් මේ වන විට කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරලා සයිටම් පවත්වාගෙන යන්න ආණ්ඩුව හොර උපක්‍රම යොදමින් සිටිනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි ලෙස අඩාල වෙලා තියෙනවා. අනධ්‍යයන කාර්ය මණ්ඩල සහෝදරයන් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් කරන වැඩ වර්ජනයට දින 30ක කාලයක් ගතවෙලා තිබෙනවා. ආණ්ඩුව මේ කිසිම දේකට ප්‍රතිචාර නොදක්වා ඔවුන්ගේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපි මේ ආණ්ඩුවට, පාලකයන්ට කියනවා, නුඹලා මේ ආකාරයෙන් හැසිරෙනවා නම් සියලු බලවේග සමග පැමිණ සටන් කර නුඹලාගේ ඔය සිහින මාලිගා බිඳ දමන්න කටයුතු කරනවා"

campus 1

campus 2

බී.එම්. විජේසූරිය - අනුරාධපුර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment