ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු 2018 පළාත් පාලන මැතිවරණයෙන් ජාතික හෙළ උරුමයෙන් තේරී පත් වූ සභිකයන් දිවුරුම් දීම හා හෙළ උරුමයේ සම්බන්ධිකාරක හා සංවිධායක ධූර පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
දේශපාලන මළගමකට අපි සූදානම් නැහැ
ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවලට ඇත වූ ඉරණමම එක්සත් ජාතික පක්ෂයටත් සිදුවිය හැකි බැවින් එවැනි දේශපාලන මළගමකට සිය කණ්ඩායම සූදානම් නැති බවද අමාත්‍යවරයා පැවසීය.
රටක් ඉදිරියට යාමේදී ප්‍රජාතන්ත්‍රවාදීව තරුණ පිරිසට නායකත්වය ලබා දිය යුතු බවත් එය ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ රාජපක්ෂ උන්මත්තක පවුල්වාදී දේශපාලනයට පාර කැපීම බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා,
මහින්ද සුළඟ බැහැගෙන යන සුළඟක්
"ප්රජාතන්ත්රවාදය පුළුල් කරනවා කරනවා කියලා අස්ථාවර පාලනයක් ඇති කරනවා නම්, ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව වේවා එවැනි ඡන්ද ක්‍රමයකින් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ස්ථාවර පාලනයක් ඇතිවන විදිහටත්, ප්රජාතන්ත්රවාදයක් ඇතිවන විදිහට සමබරතාවයකින් යුතුව ඒ කටයුත්ත අපි ඉටු කළ යුතුයි. වේදිකාවල මහින්ද සුළඟ කියලා කිව්වට එහි පාලකයා බැසිල් රාජපක්ෂ. මහින්ද සුළඟ 55% ඉඳන් 39% ට බැහැගෙන යන සුළඟක් බව අප මතක තබාගත යුතුයි.
2019 තීරණාත්මකයි
ඒ වගේම 2019 නොවැම්බර් තිබෙන ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. එය ජය ගැනීමට නම් 50%ට වැඩි විය යුතුයි. ඒක නිසා ඒ මැතිවරණයට තමයි අප පෙළ ගැසිය යුත්තේ. ඒ සඳහා වහාම ආණ්ඩුවේ සංවර්ධන, සමාජ දේශපාලන වැඩපිළිවෙල වෙනස් විය යුතුයි. අපි මේවා කතා කර කර ඉඳලා වැඩක් නැහැ අපි කෙලින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා කරුණු 45 කින් යුතු යෝජනවක්. එහි ආර්ථික ක්ෂෙත්රයේ වහාම විසඳිය යුතු ගැටලු ගණනාවක් අපි අවධාරණය කර තිබෙනවා.
ඒ නිසා වහාම යුහුව කළ යුතු ආර්ථික සමාජ දේශපාලන ක්ෂෙත්රයේ වෙනස් කම් පමණක් නෙමෙයි සියලුම වැඩ කිරීමේ වගකීම හැකියා පූර්ණ තරුණ පිරිසට එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ඒ සමගම ඒවත් සමග ගැට ගැසී ඇති අනෙක් පක්ෂවල පිරිස්වලටත් මෙම වගකීම් බාරදී ඉදිරි මාස 18 කි‍්‍රයා කරලා අපි පොදු අපේක්ෂකයෙක් ගෙනල්ල නැවත වතාවක් ජනාධිපතිවරණය ජයගන්න කටයුතු කිරීම සඳහා ගම් මට්ටමින් බිම් මට්ටමින් කටයුතු කරමු.
මේ රට ෆෙඩරල් කරන්න නැවත ඉඩක් නැහැ
මේ රට ෆෙඩරල් රටක් කරන්න නැවත ඉඩක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ නිසා අපි සියලු දෙනාම මේ තියන තත්වය පිළිගෙන රටේ අනාගත සාමය සමෘද්ධිය, සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරමු. රටේ එකීයභාවය අපි කිසි විටෙක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම රටේ අනාගත ඉදිරි ආර්ථික ගමන් මගත් වෙනස් කළ යුතුයි. ඒ නිසා තමයි අපි යෝජනා කළේ නවෝත්පාදන ආර්ථිකයක්. කුසලතාවයට මුල්තැන දෙන රටක්. අපේ අමාත්‍යාංශ මූල්‍ය වශයෙන් ශක්තිමත් කරද්දි, පදවි තනතුරු දෙද්දි අපි අපේ පාක්ෂිකයන්ට දීලා නෙමෙයි, කුසලතාවය ඇති පිරිස්වලට මුල්තැන දී තමයි අපේ අමාත්‍යාංශවල ජයග්‍රහණ ලබාගැනීමට කටයුතු කරන්නේ. එම ජයග්‍රහණ අනාගතයේ රටටත් විශාල ආදර්ශයක් බවට පත් කර තිබෙන්නේ යැයි පැවසීය."
මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික රන්පත්විල විමලරතන හිමි, නියෝජ්‍ය අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ සම සභාපති කරුණාරත්න පරණවිතාන, ජාතික හෙළ උරුමයෙ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ජාතික හෙළ උරුමයේ සම සභාපති පළාත් සභා මන්ත්‍රීනි නිරෝෂා අතුකොරල යන මහත්ම මහත්මීන්ද එක්වූහ.
0 comments :
Post a Comment