ශ්‍රී දේවිගේ දියණිය සිනමාවට.


පසුගියදා හදිසියේ මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවිගේ දියණියක් වන ජාන්වි කපූර් සිනමාවට පිවිසීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. එළඹෙන ජූලි මස නිකුත් වීමට නියමිත Dhadak නම් චිත්‍රපටයෙන් ජාන්වි ඉන්දීය සිනමාවට පිවිසෙනු ඇත.

ශ්‍රීි දේවිගේ මරණයේ උණුසුම මැකීයන්නට පෙරාතුව ඇයගේ දියණිය මෙසේ සිනමාවට පිවිසීම විශේෂ කාරණයක් වූවද මේ දිනවල ඇයට තිබෙන ජනප්‍රියත්වය හමුවේ මෙම මොහොතේ ඇයගේ රංගනයට උණුසුම් ප්‍රතිචාර ලැබේවි යයි මාධ්‍ය පුරෝකථනය කරයි. තවමත් 21 වන වියෙහි පසුවන ජාන්වි සිනමාවට පිවිසීම ඇතැම් සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතවල විවේචනයට ලක්වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ මරණයෙන් පසුව එයට බලපෑ හේතු අතර ජාන්වි සම්බන්ධයෙන් ශ්‍රී දේවි යම්කිසි කළකිරීමකින් පසුව සිටි බවත්, ඒ නිසාම ඇය බීමට ඇබ්බැහීවූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කල අතර, ශ්‍රී දේවිගේ මාමා කෙනෙකු ප්‍රකාශ කර තිබුණේ ඇයගේ මරණයට හේතුව ඇය ජීවත්වූ පීඩනකාරී මානසික තත්ත්වය බවත්, එයට හේතුව බොනී කපූර්ගේ අසාර්ථක සිනමා නිර්මාණවල ණය ගෙවීමට සිදුවුනේ ශ්‍රී දේවිට බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

එසේම ජාන්වි කපූර් ශ්‍රී දේවිගේ කලින් පෙම්වතා වන මිථුන් චක්‍රබෝත්ට දාව ඉපදුණු පුත්‍රයා හෙවත් ඇයගේම වැඩිමහල් සොයුරා සමග ඇතිකරගත් සබඳතාවටද ශ්‍රි දේවි දැඩිලෙස ව්‍යාකූලත්වයට පත්ව සිටි බව වාර්තා වේ.

මේ සියලු චෝදනා පසෙක දමන ජාන්වි කපුර් පවසා තිබුණේ තමන් සිනමාවට පිවිසෙන්නේ තම මවගේ වෘත්තීය ගෞරවය පෙරට ගෙනයාමේ වුවමනාවෙන් බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment