සාගලයි පූජිතයි තමයි රට ගිනි තිබ්බේ - අසාද් සාලි

සාගලයි පූජිතයි තමයි රට ගිනි තිබ්බේ - අසාද් සාලි

ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. පසුගිය කාලයේදී අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීම්වලදී ජාතිවාදී ක්‍රියාවන් මතුවීම වැළැක්වීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කළද ඉන් පලක් නොවුණු බවයි සාලි මහතා සඳහන් කළේ. මහනුවර සිදුවීමේදී පොලිස්පතිවරයාද නිසි අයුරින් මැදිහත් නොවුණු බව ඔහු කියා සිටියේය. පොලීසිය සිටින්නේ භාවනා කිරීමට නොව ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බව පැවසූ අසාද් සාලි මහතා ප්‍රකාශ කළේ මහනුවර සිදුවීමේදීද පොලිස්පතිවරයා තමන්ගේ නුසුදුසුකම පෙන්වා ඇති බවයි. 


තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බවත් විශේෂ කණ්ඩායමක් ලබා දෙන ලෙස මහනුවර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර මහතාගෙන් දිගින් දිගටම ඉල්ලා ඇතත් ඒ පිළිබඳ පොලිස්පතිවරයා නොසලකා ඇති බව සාලි මහතා අවධාරණය කළේය.

විශේෂයෙන් යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට පැමිණෙන සෑම අවස්ථාවකදීම එය වැළැක්වීමට පිරිසක් ක්‍රියා කළ අතර ඔවුන් පිළිබඳ විමර්ශනය කර අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය කාලය පුරාම ආණ්ඩුවට පැවසුවද ආණ්ඩුව ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ බවද සාලි මහතා වැඩිදුරටත් පැවසීය.



ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment