පොලිස් පරීක්ෂක රංගජීව රහස් පොලිස් අත්අඩංගුවට

පොලිස් පරීක්ෂක රංගජීව රහස් පොලිස් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් බම්බලපිටියේ ඔහුගේ නිවසේදී රංගජීව අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනගොස් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.
 
2012 වසරේදී සිදු වූ වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙනගිය බවට ඇසින් දුටු සාක්ෂි මගින් තහවුරු වී තිබේ. පසුව අදාල රැඳවියන් තිදෙනාගේ මළ සිරුරු හමු විය.
 
රංගජීව මහතා හෙට දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
මේ අතර ඔහු අත්අඩංගුවට පත්වීමෙන් වැලැකී සිටීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අද තීරණය කළේය.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment