එමිල් රන්ජන්ට සහ රංගජීවට සුපිරි සැප

එමිල් රන්ජන්ට සහ රංගජීවට සුපිරි සැප

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනාට සියලු පහසුකම් සහිත සුපිරි වාට්ටුවක රැඳී සිටීම සඳහා අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයන් වැඩි කාලයක් ගත කරන්නේ බන්ධනාගාර රෝහල තුළයි. ඒ ඔවුන්ට බන්ධනාගාර ගත වූ වහාම විවිධ රෝගාබාධවලට භාජනය වන බැවිනි. බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් සහිත වාට්ටු ඔවුන් සඳහා වෙන්වන අතර බන්ධනාගාර වාර්තවලට අනුව එමිල් රන්ජන් සහ රංගජීව ද ඇතුළත් කර ඇත්තේ මම විශේෂ වාට්ටුවටයි.

කෙසේ වෙතත් අප වෙත වාර්තා වන්නේ ඔවුන් දෙදෙනා එම වාට්ටුවටත් වඩා සුපිරි පහසුකම් සහිත බන්ධනාගාර නිලධාරීන්ගේ විවේක කාමරය නමින් හැඳින්වෙන විශේෂ කාමරයක නවාතැන් ගෙන සිටින බවයි. මීට පෙර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද වසර එක හමාරක් පමණ රැඳී සිටියේ මෙම විශේෂ කාමරය තුළයි.

හෙට දිනයේදී මෙම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කායික වෛද්‍යවරයෙකු බන්ධනාගාර රෝහල වෙත යෑමට නියමිත අතර ඔහු හරහා අසත්‍ය වාර්තා සකස් කොට දිගින් දිගටම එමිල් රන්ජන්ට සහ රංගජීවට බන්ධනාගර රෝහල තුළ රැඳී සිටීම සඳහා ඉඩ සැලසීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේ.

පැවති රජය සමයේ සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අතරමග ඇණහිට තිබූ අතර එමිල් රන්ජන් හා රංගජීව අත්අඩංගුවට ගැනීම හරහා වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ නැවත ආරම්භ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ඔවුන්ට විශේෂ පහසුකම් සැලසීම හරහා පෙනෙන්නේ පැවති රජය සමයේ සිදු වූ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

සිය දෙපයින් පොලීසිය වෙත පැමිණෙන සැකකරුවන්, උසාවිය වෙත පැමිණෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පමණින් වැළඳෙන අති සුවිශේෂී රෝගය සුව කරන බෙහෙත හැකි ඉක්මනින් සොයාගැනීමට රජය කටයුතු කළ යුතු අතර එසේ නොමැතිවුවහොත් අපරාධවල සැකකරුවන්ට රජ සැප ලබාදීම සඳහා තවත් මහජන මුදල් කෝටි ගණනක් වෙන් කිරීමට සිදුවනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment