විශ්වාසභංග අත්සන් ඇතුළේ මෛත්‍රීගේ අත්සනත් තියෙනවා - බිමල් රත්නායක

විශ්වාසභංග අත්සන් ඇතුළේ මෛත්‍රීගේ අත්සනත් තියෙනවා - බිමල් රත්නායක

ජවිපෙ නායක සහ ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේද නායකයා වන අනුර දිසානායක මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

“මහින්ද රාජපක්ෂ විශ්වාසභංගයට අත්සන් කළේ නැහැ. හැමදාමත් රනිල් ආරක්ෂා කරන ස්ථාවරයක තමයි මහින්ද ඉන්නේ. අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. රනිල් ගෙදර යවන්න ඇත්ත වුවමනාවක් මහින්දට නැහැ. විශ්වාසභංගය අත්සන් කරලා බාරදුන්නට විවාදයට ගන්න ඒකාබද්ධෙ කණ්ඩායමට ඇත්ත වුවමනාවක් තිබුණෙත් නැහැ. අවුරුද්දෙන් පස්සට ගන්න පුළුවන් වෙයි කියලා තමයි දිනේෂ්ලා හිතුවේ. කොහොම වුණත් අපිට මේ කණ්ඩායම් දෙකේම පැටිකිරිය රටට කියන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.”

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අපේ තීරණය ගැන හැමෝම අවධානයෙන්

“කොහොම වුනත් අපේ තීරණය ගැන තමයි ගොඩක් අය අවධානෙන් ඉන්නේ. මේකට අපි සහය දෙන්න ඕනෑ. මේකේ කරුණු 14ක් වුණාට ඇත්තටම තියෙන්නේ කරුණු දෙකයි. බැදුම්කර ගනුදෙනුවයි මහනුර දිගන ජාතිවාදී ප‍්‍රශ්නයයි. නමුත් මේකට ඇතුල් වෙන්න ඕනෑ කරුණු ගණනාවක් තියෙනවා. මේ රටේ ආර්ථිකය තිබුණ තැනින් තවත් කඩා වැට්ටුවා. සම්පූර්ණයෙන් අලුත් හොරු පරණ හොරු දෙගොල්ලම ආරක්ෂා කළා. රටේ ආර්ථික සම්පත් විකුණලා දානවා. මේවත් ඇතුල් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ විවාදය දවසේ මේ දේවල් ජනතාවට දැනගන්න අපි කියන්න ඕනෑ”

මහා බැංකුව මුදල් අමාත්‍යංශයට පැවරීම එම දේශපාලන ගේම් එකක්

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා සිටියේ මේ වන විට රටේ කතා වන ප්‍රධානතම මාතෘකාව බවට විශ්වාසභංගය පත් වී ඇති බවයි. එසේම ඉන් ජනතාවට වෙන සෙතක් නැති බවත් එය මහින්ද මෛත්‍රී කණ්ඩායමේ ගේම් එකක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එසේම විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ මහා බැංකුව මුදල් අමාත්‍යංශයට පැවරීම එම දේශපාලන ගේම් එකේම කොටසක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා,

"මහ බංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවලා රනිල්ට භාරදුන්නෙත් ජනාධිපතිවරයයි. බැඳුම්කර ගනුදෙනුව සිදු වුණාට පස්සෙ කඩිනමින් කරන්න තිබුණේ මහ බැංකුව රනිල්ගෙන් ඉවත් කරන එක. නමුත් ඒක කළේ නැහැ. අවුරුදු 03ක් යනකල්. දැන් මේ විශ්වාශභංගය නිසා ඒක පවරගන්නවා. මේවා තමයි දේශපාලන විහිළු”

සඳමාලි ඒකනායක

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment