දුමින්ද සිල්වා, නිදහස ඉල්ලයි.


හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු  එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා වැඩිදුර විභාගය හෙට (27) දක්වා කල් තැබීය.

අද ( 26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මෙම නඩුව කැඳවු අතර එහිදී මෙම වැඩිදුර පෙත්සම් විභාගය හෙටට කල් තැබිණි.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන  නලින් පෙ⁣⁣රේරා. සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.

අභියාචන විත්තිකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පර වන බවය.

මෙය සාධාරණ නඩු තීන්දුවක් නෙවන බවද හෙතෙම කීය.

ත්‍රිපුද්ගල  මහාධිකරණය  විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරැන් ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය අභියාචනයෙන් කියා සිටී.

ඒ හේතුවෙන් එම දඩුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment