විශ්වාසභංගය : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැට උඩට යයි.


අගමැතිට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවිනිශ්චිත බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පවසයි.

පසුගිය දිනකදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔවුන්ගේ සහය අවිනිශ්චිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස සඳහන් කර ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් දිගින් දිගටම  රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පවතින රජයක සිටීමට අකමැති බවය.

එම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ ක්‍රියාවට නැංවීමට අප්‍රේල් 4 වනදාට සුදානම් විය යුතු බවත් ඒසේ සුදානම් නොවන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට අකමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ට ද ප්‍රකාශ කළ නොහැකි බවත් ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

SLFP තීරණය 04 දා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය එළැඹෙන 04 දා ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එයට අත්සන් තැබූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමබන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment