ඊ.පී.ඩී.පී. සංවිධානය ටී.එන්.ඒ. හවුල්කාර පක්ෂයක් නොවේ - මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසයි

ඊ.පී.ඩී.පී. සංවිධානය ටී.එන්.ඒ. හවුල්කාර පක්ෂයක් නොවේ - මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසයි

ඉලංකෙයි තමිල්අරසු කච්චි පක්ෂයේ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මාවෙයි සේනාධිරාජා මහතා මේ බව ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ටෙලෝ සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සෙල්වම් අඩෙයිකලනාදන් මහතා හා ටෙලෝ සංවිධානයේ මහලේකම් එස්. ශ්‍රීකාන්තා මහතා යාපනයේදී ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවාන්නදා මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම පක්ෂ දෙක අතර යම් එකඟතාවයක් ඇතිව තිබේ.

අනතුරුව පසුගිය දිනවලදී පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරුන් තේරීමේදී ඊ.පී.ඩී.පී. සංවිධානයේ සභිකයින් දෙමළ ජාතික සන්ධානයට සහය දක්වා සිටියේද එම සාකච්ඡාවලින් පසුව බවට මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම යාපනය මහනගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේදී ඊ.පී.ඩී.පී. සංවිධානයෙන් තරඟ කිරීමට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඉල්ලා අස්වූයේද මේ තත්ත්වය මත බවත් මේ තත්ත්වය දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අැතිකරගෙන ඇති එකඟතාවයක් මිස දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් බවට ඊ.පී.ඩී.පී.සංවිධානය එක්වීමක් නොවන අතරම ඊ.පී.ඩී.පී.සංවිධානය මේ අන්දමට දෙමළ ජාතික සන්ධානයට සහය දැක්වීමට තීරණය කොට ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් බහුතර සභිකයන් පිරිසක් දෙමළ ජාතික සන්ධානයෙන් තේරී සිටීමත් ඔවුන්ට ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් සලසා දීමක් වශයෙන් බවටද මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් කිරීමට ඉදිරිපත් වී සිටින දෙමළ ජනතා විමුක්ති සන්ධානයට උතුරේ බලය මේ අවස්ථාවේදී ලබා දුනහොත් උතුරේ ජනතාවට රජයෙන් කිසිදු සහනයක් නොලැබෙන බව ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබුණි. ඊට හේතුව වශයෙන් ඔහු ඉදිරිපත් කොට ඇත්තේ වත්මන් රජය සමඟ කටයුතු කරන්නේ දෙමළ ජාතික සන්ධානය මිස දෙමළ ජනතා විමුක්ති සන්ධානය නොවන බවය.

රොමේෂ් මධුෂංඛ - වන්නි

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment