ඒ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය සම්බන්ධයෙනි. මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නියොමාල් රංගජීව සහ එමිල් රන්ජන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සහ අදාළ සිදුවීම පිළිබඳ සිදුකරන පරීක්ෂණවලදී අනුර සේනානායක ඇතුළු තවත් පිරිසක් සිදුවීමට සම්බන්ධ බවට හෙළි වී තිබේ.
අනුර සේනානායකට අමතරව එවකට බන්ධනාගර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ චන්ද්‍රරත්න පල්ලේගම, පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ, බ්‍රිගේඩියර් ශාන්ත දිසානායක යන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් පවතින බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර ඉදිරියේදී එම පුද්ගලයන් ද අත්අඩංගුවට පත්වීමට නියමිතය.
අනුර සේනානායක එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වූ අතර එවකට සිදු වූ ඝාතන රැසක් සම්බන්ධයෙන් අනුර සේනානායකගේ නම ගෑවී තිබේ.
මේ අතර එවකට බන්ධනාගාර කොමසාරිස්වරයා වූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා බන්ධනාගාරය තුළ වූ සිද්ධිය සමථයකට පත්කර ගැනීමට අසමත් විය. ඒ හරහා බාහිර කණ්ඩායම්වලට සිද්ධියට මැදිහත්වීම සඳහා අවස්ථාව ලැබුණු අතර පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ සෙබළුන් මෙම සිදුවීමට බලහත්කාරයෙන් මැදිහත්ව තිබේ.
රංගජීව සහ එමිල් රන්ජන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ වැදගත් තොරතුරු අනාවරණය වී ඇති අතර ඉදිරියේදී මීටත් වඩා බලවත් පුද්ගලයන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
0 comments :
Post a Comment