එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වෙයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වෙයි

එහිදී එජාප ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත වේ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂවල නායකයන්ගේ හමුවක් ද හෙට දිනයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ සාකච්ඡාවක් ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිය යුතු බවයි. කෙසේ වෙතත් සෙසු මැති ඇමතිවරුන් ඒ සඳහා එකඟතාවය පළකර නොමැති අතර ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව බහුතරයකගේ අදහස වී තිබෙනවා.

එජාප මැති ඇමතිවරුන් සියලු දෙනා සියලු විදෙස් ගමන් අත්හිටුවා රට තුළ රැඳී සිටිය යුතු බවට එජාප නායකත්වය නියෝගයක් පනවා ඇති අතර එම නියෝගය විශ්වාසභංග යෝජනාව අවසන් වනතෙක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment