කොස්ගම විනෝද උයනේ සේවකයා බයික් එක හප්පා මරා දැමුවැයි යාළුවන්ව සැකලු

පසුගියදා කොස්ගම සාලාව පාරේ පිහිටි විනෝද උද්‍යානයක සේවකයෙකු මෝටර් සයිකල් අනතුරක් නිසා බරපතල තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගතව සිට දින දෙකකට පසු මරණයට පත්විය.

 මියයන අවස්ථාවේ ඔහු සමග යතුරු පැදියේ තවත් අයෙකු ගමන් කළ අතර ඔහුගේ යතුරුපැදිය තවත් යතුරු පැදියක හැපීමෙන් අනතුරට ලක් විය.
මොහු සමග ගිය මිතුරාත් එම යතුරු පැදියේ ගමන් කළ තිදෙනාත් එකම ආයතනයේ සේවකයන් විය. ඔවුන් බීමතින් ගමන් කර ඇති බවට

මේ වනවිට කරුණු හෙළිව තිබේ. මෙම අනතුර විනෝදය පිණිස හිතාමතා සිදු කළ එකක් බවත් අන්තරාය ගැන කල්පනාවක් නැතිවී මරණය සිදුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ ඥාතීන් අදහස් දක්වමින් පවසා තිබේ.
මෙලෙස මියගියේ කොස්ගම බොල්ලතාව ධනුෂ්ක පියරත්න නමැති 22 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය වූ දිනයේ ඔවුන් සියලුදෙනාම වැඩමුර අවසන්වී රාත්‍රී කාලයේ නිවෙස් වෙත යමින් සිටියදී අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනතුර සිදු කළ යතුරු පැදියේ එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අනෙක් දෙදෙනා  තවම අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවම සිදුවේ.
 - අයිරංගි එදිරිසිංහ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment