2016 දෙසැම්බර් මස අවසන් භාගයේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ නීති විරෝධී අනධ්‍යයන සේවක පත්වීම්වලට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය විසින් දූෂණ විරෝධී පෙරමුණට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඉන්පසුව දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. 2016 වර්ෂයේ සිට අමාත්‍යවරයා නීති විරෝධී අන්දමින් අනධ්‍යයන සේවක පත්වීම් ලබා දී ඇති බවත්, අල්ලස් කොමිසමට ලබා දුන් පැමිණිල්ල පවා විමර්ශනය කිරීම වසරක් තිස්සේ මඟහැර තිබූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රකාශකයකු නිව්ස් වෙබ් වෙත පැවසීය.
පැමිණිල්ලේ විමර්ශන කටයුතු ආරම්භ කළ අද දින දූෂණ විමර්ශන කොමිසම විසින් ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
- දයා නෙත්තසිංහ
0 comments :
Post a Comment