මහනුවර ගැටුම හවුල් වූ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටට හෙළි කරන්න !

මහනුවර ගැටුම හවුල් වූ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටට හෙළි කරන්න !
විශේෂයෙන්ම මියගිය කුමාරසිංහ තරුණයාගේ අවමංගල්‍ය දිනයේ මේ වන විට පොදුජන පෙරමුණට සහය පළකරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනතාව කුපිත වන ආකාරයට සිදු කළ කතාව, මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අය අතරින් එම පක්ෂයේ නියෝජිතයන් යන කාරණා රටට හෙළිදරව් විය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
එමෙන්ම මෙම ගැටුම් වලට සිය පක්ෂයේ කිසිදු සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවද රණවක මහතා කියා සිටියේය. 
 
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 
 
"රාජපක්ෂගේ අසූචිවලේ ලැගලා ඉන්න සූකර දේශපාලනඥයින් ඒ පහරපු අසූචි ඒ අයටම වළදන්න සිදුවී තිබෙනවා. මේ කි‍්‍රියාදාමයේ අවසාන වශයෙන් වෙලා තිබෙන්නේ අන් අයට චෝදනා කළාට ඒ අයම තමයි මෙය සිදුකර තිබෙන්නේ. පසුගිය වකවානුව පුරාම සිංහල ජනතාව තුළ නැති භීතියක්, ප‍්‍රභාකරන් කාලතුවක්කු අරන් සටන් කළ කාලේ නොසිටපු පිරිස් නැති භීතීන් හදලා තමන් තමයි රට බේරගන්න ඉන්නේ කියා දකුණේ කිව්වා. උතුරට ගිහින් වෙන කතාවක් කිව්වා. ඒ විදිහට දෙපැත්ත වංචාවෙන් ගෙනගිය මේ පිරිස්වලට මේ පොලිස් පරීක්‍ෂණවලින් ප‍්‍රතිපල ලැබී තිබෙනවා.
 
අප බොහොම වගකීමන් කියනවා අපේ පක්ෂයට සම්බන්ධ කිසිම භික්ෂූන් වහන්සේ නමක්, කිසිම ගිහියෙක්, කිසිම සාමාජිකයෙක් මේ කිසිම සිද්ධියකට සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම කිසිම ඔප්පු කිරීමක් ඒ අනුව සිදු වී නොමැති බව.
 
ඇතැම් අය උත්සාහ කළා මේ සම්බන්ධයෙන් අතීතයේ සිදුවීමුත් පටලවා ගන්න. බේරුවල ඇති වූ සිද්ධිය, මාවනැල්ලේ, නුවරඑළියේ මේ වගේ තැන් තැන්වල ඇති වූ සිදුවීම්වලට අපේ සම්බන්ධයක් තිබුණාය කියලා පෙන්වන්න. අපි බොහොම වගකීමෙන් කියනවා ඒ කිසිම දෙයකට අපේ සම්බන්ධයක් නැහැ කියලා. "
 
නිශාන්ත ප්‍රියදර්ශන 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment