කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට.


කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ.

මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරය 2017 වසරේ සිව්වැනි කාර්තුවේ දී ස්ථාන පහක් අභිබවා පෙරට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. Drewry Global Container Port Connectivity Index දර්ශකය ප්‍රධාන වශයෙන් ප්‍රධාන ගෝලීය කලාප 07කට අයත් වරායන් පිළිබඳව මිනුම් දඬු හා නිර්දේශ ඉදිරිපත් කරයි.

මේ සම්බන්ධයෙන් අඳහස් දක්වන වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානයක මහතා, ආසියවේ සිට යුරෝපය දක්වා පැතිරි නාවික මාර්ගය තුළ මේ වනවිට සම්බන්ධතා 17ක් පවතින නමුත් කොළඹ වරායට මේ වනවිට ඉන් සම්බන්ධතා තුනක් යටතේ බහාලු නෞක පැමිණෙන බවත් විශේෂයෙන් කොළඹ වරය රැකගැනීම උදෙසා කොළඹ වරාය සතු බහලු පර්යන්ත ප්‍රවර්ධනය කළ යුතු බව පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment