මුතුරාජවෙල විනාශය පිටුපස ඇමති පෙම්වතියක්?


මුතුරාජවෙල පරිසර සංහාරයට රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ පෙම්වතියක් සෘජුවම සම්බන්ධ යැයි විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් ඇමතිවරු කිහිපදෙනෙකුගේ නම් ගෑවී ඇති අතර මෑතකදී සිදුවූ අත්තනෝමතික ක්‍රියාදාමයන් පිටුපස ඇය සිටින බව හෙළිවී ඇත.

මුතුරාජවෙල තෙත් බිම් උරුමය ගොඩකරමින් අනවසර ඉදිකිරීම් සිදු කිරීම මෙන්ම පර්චසය රුපියල් පන්සියය ගානේ ව්‍යාපාරිකයෙකුට අක්කර විශාල ප්‍රමාණයක් විකිණීමට ගත් තීන්දු තීරණ, මුතුරාජවෙල පරිසර පද්ධතියට කසල බැහැර කිරීම , වැලි ගොඩදැමීම ආදී පාරිසරික තර්ජන රැසක් පසුගියදා කතාබහට නැගුණි.

පසුව ජනාධිපතිවරයාද මැදිහත්වී මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර මුතුරාජවෙල සංහාරයට සම්බන්ධ සියලු දෙනා සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙරට පිහිටි ඉතා වැදගත්, ජෛව විවිධත්වයෙන් අනූන වූ පරිසර පද්ධතියක් ලෙස මුතුරාජවෙල තෙත් බිම් කලාපය හඳුන්වා දෙයි. එමෙන්ම මෙරට පිහිටි විශාලතම වෙරළාශ්‍රිත වගුරුබිම වන්නේද එයයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment