‘TVS ලංකා‘ රුපියල් බිලියනයකට විකුණයි.

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හා ඉන්දියාවේ T V Sundaram Iyengar & Sons (Pvt) Ltd සහ India and TVS Motor Company Ltd, India හි හවුල් ව්‍යාපාරයක් වන TVS ලංකා (පුද්) සමාගමේ, තමන් සතු කොටස් අයිතිය ඊයේ (26) දින විකිණීමට යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී පියවර ගෙන තිබේ.

TVS ලංකා (පුද්) සමාගමේ 50% ක කොටස් හිමිකාරීත්වය හෙවත් කොටස් 17,500,000 ක හිමිකම යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සතුව පැවතිණි.

TVS ලංකා (පුද්) සමාගමේ තවත් හවුල්කාර පාර්ශවයක් වූ T V Sundaram Iyengar & Sons (Pvt) Ltd විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබේ.

අදාළ ගනුදෙනුව සඳහා නියම වී ඇති මිල රුපියල් බිලියනය කි.

මේ අනුව TVS ලංකා (පුද්) සමාගමේ සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය ඉන්දීය සමාගම් සතු වනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment