ගම් වැසියන්ගෙන් මුදල් ගැරූ හොර කට්ටඬියෙක් මාට්ටු-ගමන් මල්ලේ ලිංගික උද්දීපන පෙති


අසනීප වු අය සනීප කරන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් මොනරාගල පොලිස් බල ප්‍රදේශයට අයත් වැදිකුඹුර ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා මොනරාගල පොලීසියට භාරදී ඇත.

ඔහු මෙම ප්‍රදේශයේ කාන්තාවක් සමග සම්බන්ධතාවක් පවත්වාගෙන එම නිවසේ නතර වී මෙම මුදල් වංචාව සිදුකර ඇති බව ගම්වාසීන් පවසයි. කතා නොකරන අය කතා කරවීමට, ඇස් නොපෙනෙන අයගේ ඇස් පෙනීම ලබාදීම, අරක්කු බොන අය එයින් වළක්වාලීමට ආදී ඕනෑම

ලෙඩක් සුවකරන බව පවසමින් එක් ගෙදරකින් රුපියල් 5000 සිට 2500 දක්වා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මීට අමතරව පුජාව පැවැත්වෙන භාණ්ඩ ලැයිස්තුවට රුපියල් 20,000 සිට 25,000ක මුදලක් වැයවවන බවත් ගම්වාසීහු පවසති.මේ වනවිට සැකකරු ලක්ෂ තුනකට අධික මුදලක් වැදිකුඹුර ප්‍රදේශයෙන් පමණක් වංචා කර ඇති බව පොලිසිය පවසයි.මේ සෑම පූජා ලැයිස්තුවකටම අරක්කු කාලක් හා කුකුළෙක් අන්තර්ගත වෙන බවත් පොලිසිය කියයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී ලිංගික උද්දීපන වැඩිවෙන පෙති කිහිපයක්, මන්තර පොත් කිහිපයක්, පොල් තෙල් හා වෙනත් පුජා භාන්ඩ කිහිපයක් ද පොලීසිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුට ජාතික හැඳුනුම්පතක්වත් නොමැති අතර ඔහු කුමන ප්‍රදේශයක අයකුදැයි තවම හඳුනාගෙන නැත.
අත්අඩංගුවට ගත් සැකකරු හා නඩු භාණ්ඩ අද මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතය.
ම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොනරාගල පොලිසිය සිදු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment