'සමාජ මාධ්‍ය තහනම අද ඉවතට' - හරීන්.
සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඩේලිමිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ සාමාජ මාධ්‍ය ෆිල්ටර් කිරීම (පාලනය) ගැන අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මේ වන විට ෆේස්බුක් සමාගම හා සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ වෛරී ප්‍රකාශ හා ළමා අසභ්‍ය දර්ශන සිංහලයෙන් පළවී ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට තරමක කාලයක් ගතව තිබෙනවා. ඒ වගේම එම සමාගම්වලට සිංහල භාෂාවෙන් පළවී ඇති දෑ පාලනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් තිබී නෑ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා මෙවැනි පොස්ට් ඉවත් කරන්නේ කෙසේද කියා.” යැයි ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව කටයුතු කිරීමට තම අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
තීරණයක් ගෙන නෑ
ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරයෑම හේතුවෙන් පනවනු ලැබූ සාමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති ලේකම්ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.
රටතුළ ජාතීවාදී, ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්‍ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා සඳහන්කළේය.
මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී සිදුවීම් උත්සන්නවීම හේතුවෙන් පසුගිය 07 වැනිදා සිට සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය තීරණය කළේය.
මේසම්බන්ධවයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා,
"අපි තාම ඒ ගැන තීරණයන් අරගෙන නැහැ. ලංකාවේ මොකද වෙන්නේ කියලා අපි තව පොඩ්ඩක් බලනවා. මොකද එකපාරටම එක එක සිදුවීම් මතුවෙනවා. වී.පී.එන්. (VPN) හරහා සමාජාලවලට ඇතුළු වෙනවා කියලා අපට වාර්තාවෙලා තිබෙනවා. තහනම ඉවත්කරන දිනයක් නැහැ. අනාගතයේ යථාකාලයේදී එය සිදුකරනවා.
ජාතිවාදී, ආගම්වාදී සහ අසත්‍ය තොරතුරු සමාජගතකිරීමේ භයානක තත්ත්වයක් තිබෙන බවට රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවලින් සහ පොලිස් වාර්තාවලින් ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තාවුණ නිසා තමයි රජය මේවිදියට සමාජ මාධ්‍ය අවහිරකිරීමට තීරණය කළේ. එහෙම නැතිව කිසිම හේතුවක් නැතිව සිදුකළ කටයුත්තක් නෙවෙයි. එහෙම පිස්සු වැඩ කරන්න අපට අවශ්‍යතාවන් නැහැ. රටතුළ එවැනි තත්ත්වයක් නැතිබවට ආරක්‍ෂක අංශ විසින් නැවතත් වාර්තාකළ පසුව අපට ඒ ගැන සලකා බලන්න පුළුවන්.
සමාජ මාධ්‍ය ජාලා පාලනය (FILTER)
යම් දෙයක් සම්බන්ධයෙන් මැනුවලි ෆිල්ටර් කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් යෝජනා ඇවිත් තිබෙනවා. ඒනිසා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව රැස්වෙලා අපි මේගැන සාකාච්ඡා කරන්න තීරණය කළා. මටත් ෆේස්බුක් නැහැ. මටත් වයිබර් නැහැ. මේ තහනම ඉවත්කරනවා නම් මමත් කැමතියි. ඒනිසා මේගැන අපි අධ්‍යයනයක් කරනවා" යැයි පවසා සිටියේය.
0 comments :
Post a Comment