රතු නිවේදන ලැබූවෝ ඩුබායි රටේ නිදැල්ලේ.


පසුගිය වසර ගණනාවක් පුරා පොලිසියට අත්‍යවශ්‍ය බවට රතු නිවේදන නිකුත් කරනු ලැබ සිටින සහ ජාත්‍යන්තර වරෙන්තුවලට ලක්වූ පාතාල සහ වෙනත් අපරාධවලට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් සහ ජාත්‍යන්තර රතු නිවේදන ලද උදයංග වීරතුංග වැනි පුද්ගලයින් ඩුබායිහි නිදහසේ සිටින බවට මෙරට බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබේ.

පසුගිය කාලය තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී මෙරටට මත්ද්‍රව්‍ය එවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන් ඇතුළු වෙනත් විවිධ අපරාධවලට සම්බන්ධ වී නීතියෙන් පලාගොස් විදේශ රටවල සිටින පුද්ගලයන් පහළොස්දෙනකුට පමණ රතු නිවේදන නිල් නිවේදන සහ ජාත්‍යන්තර වරෙන්තු නිකුත්වී ඇත. ඔවුන් වැඩිදෙනෙකු ඉන්දියාව, සිංගප්පූරුව, මැ‍ෙල්සියාව යන රටවලට පලා ගොස් සිට අනතුරුව මේ වනවිට ඔවුන් සියලුදෙනාම ඩුබායි රටට එක්රොක් වී සිටින බවටද එම බුද්ධි අංශ තොරතුරුවලින් හෙළිදරව්වී ඇත.

ඔවුන් මේ වනවිටත් මත්කුඩු ජාවාරම්, මාෆියා කල්ලි, ජාත්‍යන්තර ඔත්තු සේවා, ආයුධ අලෙවිය ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටින බවද වාර්තා වෙයි.

මෙරටදී එම අපරාධකරුවන් විසින් එම ජාවාරම් හරහා උපයන ලද කෝටි ගණන් මුදල් ඩුබායි රටේ මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති බව ද වාර්තා වෙයි.

ඒ අතර ඔවුන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් එම මුදල් ඔවුන් විසින් එරට බැංකුවලින් ඉවත් කර ගන්නා බවට ඔවුනොවුන් අතර සිදුවූ සාකච්ඡා එරට පොලිසිය හරහා මෙම මූල්‍ය ආයතනවලට දැනගන්නට ලැබී ඇති බවත් එම මූල්‍ය ආයතන මගින් ඒ බව ඩුබායි රජයේ බලධාරින් දැනුවත් කර ඇති බවත් වාර්තාවී ඇත.

මේ අතර ඉදිරියේදී ඩුබායි රටේ එසේ නිදහසේ සිටින මෙරට අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම සඳහා වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙරට පොලිසිය බලාපොරොත්තු වේ.

උදයංග, මධුෂ් ඇතුළු ජාත්‍යන්තර වරෙන්තු නිකුත්වී ඇති පුද්ගලයන් ගණනාවක්ම ඒ ආකාරයෙන් ඩුබායිහි සිටින බවට පැහැදිලිවම ඔප්පුවී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment