එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් අද (27) දින සාක්ෂි සටහන් කරගැනීමට තිබූ අතර එරාන් වික්‍රමරත්න මහතාගෙන් සාක්ෂි සටහන් කරගනිමින් සිටියදී අදාළ විත්තිකරු රෝගාතුර වී හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර තිබේ.
හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට 2014.04.17 වන දින මැර ප්‍රහාරයක් එල්ල කළ බවට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් හම්බන්තොට පළාත්බද මහා අධිකරණයේ ගොනු කරනු ලැබූ අධිචෝදන පත්‍රවලට අනුව නඩු විභාගය පසුගිය 26 වන දින ආරම්භ කරනු ලැබීය.
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට විරුද්ධව අධිචෝදන පත්‍ර ගොනු කිරීමට අනුව නඩුව ආරම්භ කරමින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම පසුගිය 26 දින ආරම්භ කරන ලදී. නඩුවට අදාළව අජිත් පී. පෙරේරා මහතා සහ ආර්. යෝගරාජන් මහතාගෙන් දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කරගැනීමෙන් පසු එම නඩු විභාගය අද දින යළි කැඳවීමට හම්බන්තොට පළාත්බද මහා අධිකරණයේ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ නියෝග කළේය. සාක්ෂි ලබා ගැනීමේදී අධිකරණය තුළ පුළුල් තිරයක් මගින් මාධ්‍ය ආයතන තුලින් ලබා ගත් එදින සිදුවීමට අදාළ දර්ශන හා ඡායාරූපද මෙහිදී අධිකරණයේදී පෙන්වීමද සිදු විය.
මේ අතර 26 දින සාක්ෂි ලබා දුන් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාගෙන් විත්තියේ නීතිඥවරයා ලෙස පෙනී සිටි යූ. ආර් ද සිල්වා මහතා හරස් ප්‍රශ්න අසමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.
මෙම නඩු විභාගයට අදාළ සාක්ෂි සටහන් නොමැති නිසා 27 වන දිනට නඩුව කැඳවීමෙන් වළකින ලෙස විත්තියේ නීතිඥවරයාඅධිකරණයෙන් ඉල්ලා සිටි අතර නමුත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩු විභාගය කල් නොතබන ලෙසයි. මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරයා නඩු විභාගය අද දින යළි කැඳවීමට නියෝග කර සිටියේය. මීට අමතරව මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රයේ එදිනම නිරීක්ෂණ චාරිකාවේ යෙදි සිටි එක්ෂත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසට පහර දී බාධා කරන ලද එක් පුද්ගලයෙකුට වරද පිළිගැනීමෙන් පසු වසර පහක අත්හිටවූ සිර දඬුවමක් මත නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කරන ලදී.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
0 comments :
Post a Comment